මහ පොළොව සසැලෙයි

April 27, 2015

භූ කම්පන හේතුවෙන් නේපාලයේ රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද පිළිම, විහාර ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.

යුනෙස්කෝ සංවිධානය ඉපැරුණි කත්මණ්ඩු නුවර රාජධානී වන පාටන් හා බක්ත්පූර් ඇතුළු පෞරාණික වස්තූන් ඇති ප‍්‍රදේශ හා හානි වූ පෞරාණික සිද්ධස්ථාන පිළිබඳ දත්ත එක්රැස් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

නමුත් සිදුහත් උපත සිදුවූ ලුම්බිණියට කිසිදු හානියක් සිදුව නැතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.

භූමිකම්පා හේතුවෙන් කඩා වැටුණු පන්සල් ගොඩනැගිලිවල සුන්බුන්වලට මැදිවී ඇති නිරුපද්‍රිත බුද්ධ ප්‍රතිමාවක් භක්තාපූර් හි හමුවී ඇතැයි ද ගාඩියන් වෙබ් අඩවිය කියයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p