19 ගැන තව පාරක් හිතන්න

April 27, 2015

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදිමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත වරක් සලකා බලන ලෙස දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලිමක් කර තිබේ.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා නොදීමට තමා ඇතුළු  මන්ත්‍රීවරුන් තිදෙනෙකු තීරණය කර ඇති බවයි.

සෙල්වම් අඩෙක්කලනාදන්, එස්.විනෝ නෝහරදලිංගම් යන මන්ත්‍රීවරුන් මෙලෙස අදාළ සංශෝධනයට විරුද්ධත්වය පලකර ඇති බව සඳහන්ය.

පැවති රජයන් මෙන්ම වත්මන් රජයද දෙමළ ජනතාවගේ ඉල්ලිම් සඳහා සාධාරණ විසඳුමක් ලබාදී නොමැති බව  ශිවශක්ති ආනන්දන් මහතා මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p