ජනතාවගේ සිහින බොදවෙයිද ?

April 25, 2015

විදුර වික්ක්‍රමනායක මහතා වර්තමාන රජය ජනතාවගේ සිහින බොද කරමින් සිටින බව පවසයි.ඉදිරිපත් කිරීමට නියමිතව ඈති දහ නම වෑනි සංශෝධනය සම්මත කර ගෑනීමද සිතන තරම් ලෙහෙසි නොවන බව පවසමින් එතුමා මෙසේ අදහස් දෑක්වීය.

 

“විසිවෙනි සංශෝධනය සමම්මත කර ගැනීම සිතන තරම් ලේසි දෙයක් නෙමේ. ජනතාවගේ සිහිනයක් තිබුනා කාලයක් පුරා තමුන්ගේ ආසනයට වග කියන මන්තී‍්‍ර වරයෙක් ලබා ගැනීම. නමුත් අපිට දැන් පේන්නේ එ් සිහිනය බොද වන ලකුණු.මේ ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමත විචාරණයකට යායුතුයි.ඒ වගේම ශේෂ්ඨාධිකරණයටත් යන්නට වෙයි කියලා මම හිතනවා.
ඒ වගේම සමහර කුඩා පක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේකට අකමැති වෙන්න ඉඩ තියනවා.තුනෙන් දෙකේ බලය ලබා ගැනීම මේ නිසා අපහසු වෙන්න පුලුවන්. මට පුද්ගලිකව හැගෙනදේ තමයි විසිවෙනි සංශෝධනය පෙන්නලා දහනම වැනි සංශෝධනයට අපි ලවා අත උස්සගෙන එක්සත් ජාතික පක්ෂයට බන්දේසියක තියලා විධායක බලයෙන් කොටසකුත් ලබා ගන්න හදනවා කියලා මට හිතෙනවා.අපි කල්පනාකාරී වියයුතුයි. විසිවෙනි සංශෝධනයත් සමගම මේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් අලුතෙන් ලියවිය යුතුයි.එසේ නැතුව කැල්ලෙන් කැල්ල මේ ආකාරයට සංශෝධනය කරලා නවත්වන්න බෑ.මේ අවුරුදු හය යනකොට මේ ජනාධිපතිතුමා විසින් කරන තිස් අට වැනි සංශෝධනයත් එන්න පුලුවන්.මෙිවා අපි තේරුම් ගතයුතුයි.
එසේ නැතුව මේක මැතිවරණ පොරොන්දුවක් කියලා ඒක ඉටු කරන්න කියලා බෑ.අපේ පක්ෂයේ සභාපති විධියට ඉන්න මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විධායක ජනපති බලතල කොටසක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා අතට අරන් ඔහුට ඔීන දේවල් කරනවා.දැන් බලන්න එක්සත් ජාතික පක්ෂය පටන් අරන් තියන දඩයම ඒක රාජපක්ෂලාට කෙරෙනවාද වෙන කෙනෙකුට කරනවාද  නෙමේ මේ කරන්නේ තනිකරම දේශපාලණ දඩයමක්.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p