හමුදා කඳවුරු ඉවත් කරමින් මේ සූදානම් වන්නේ ප‍්‍රබාකරන්ගේ සිහිනය ඉටු කරන්න නොවේ නම් වෙන කුමකටදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්ණ කරයි. ඔහු මෙසේ කියා සිටියේ බෝධි පුජා පන්කමක් සඳහා ගාල්ල ප‍්‍රදේහයේදී එක්වෙමිනි. එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය. ‘උතුරේ හමුදා කදවුරු ඉවත් කරමින් සාම්පූර් නාවික හමුදා කදවුර ඉවත් කරමින් මේ සූදානම් වෙන්නේ ප‍්‍රභාකරන්ගේ සිහිනය සැබෑවක් කරන්න නොවේ නම් වෙන මොනවටද? අද අපේ පුත්තු හමුදාවට බැදුණු විදිය ගැන හොයනවා. ඒකට වියදම් කරපු මුදල් ගැන හොයනවා. තමුන්නාන්සේලාට මතක ඇති එක කාලෙක හමුදාවට තරුණයෝ බැදෙන්න ආවේ නෑ. අපිට යුද්ධයක් වෙනුවෙන් සූදානම් වෙන්න නම් හමුදාවේ පිරිස් බලය වැඩි කරන්න අවශ්‍ය වුණා. ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩි කරන්න අවශ්‍ය වුණා. ඒ ගැන හිතලා තමා මගේ පුතාව නාවික හමුදාවට යැවුවේ. අපි ඔය මොනම කොමිසමකටවත් බය නැහැ. මොකද අපි ඉන්නේ ජනතා කොමිසමේ. මේ ඉන්න ජනතාවගෙන් අපිට පේනවා ඒ ජනතා කොමිසමෙන් අපි නිදහස් කියලා’

April 25, 2015

පොරොන්දු වූ පරිදි යහපාලකයන් දින සියය අවසන් වූ පසු පාර්ලිමේන්තු විසුරුමා නොහැර කල් මරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන චෝදනා කරයි.

ඔහු කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ නියත පරාජය දැක විවිධ කතා කියමින් තවත් කල් නොදමා පොරොන්දු වූ පරිදි දින සියය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමට යහපාලකයන් කටයුතු කල යුතු බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p