බහින් බස් වීමෙන් හරීන් රෝහලේ

April 23, 2015

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කථිකයෙක් ලෙස චිර ප්‍රසිද්ධයි. නමුත්, ඒ හැකියාව ඔහුගේ පවුලටම එක සේ පිහිටා ඇති බවක් අද මව්බිමට වාර්තා වුණා.

පොලිස් මාධ්‍ය ඒකකය පවසන පරිදි මේ වන විට ඌව ප්‍රධාන අමාත්‍යවරයා සිටින්නේ පෞද්ගලික රෝහලකයි. ඒ මහතා රෝහල්ගතව සිටින්නේ, ඊයේ (22) දිවා කාලයේ කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජයේ දී සිය ඥාති සහෝදරයා සමඟ ඇති වූ කතාබහක් නිසා වගයි පොලිසිය සඳහන් කළේ. සුහද කතාබහ බහින් බස්වීමකටත්, බහින් බස්වීම ගුටි කෙලියකටත් පෙරලුනු පසු, සහෝදර දෙපලම නිවෙස් බලා යනු වෙනුවට පුද්ගලික රෝහල් බලා නික්ම ගිය බව විශ්වාසදායී ආරංචි මාර්ගයක් සඳහන් කරන ලදී. මේ වනවිට දෙදෙනා පෞද්ගලික රෝහල් දෙකක ප්‍රතිකාර ලබයි.

හරීන් ප්‍රනාන්දු මහතා හා එසේ කතාබහක නියැලී රෝහල්ගත වූයේ මහීල් ඊ. ප්‍රනාන්දු මහතා ය. ඒ මහතා ප්‍රධාන අමාත්‍යවරයාගේ පියාගේ වැඩුමහල් සහෝදරයාගේ පුතා ය.

පොලිසිය පවසන පරිදි ප්‍රනාන්දු මහත්වරු දෙදෙනාම කියා සිටින්නේ අනිකා පළමු පහර ගැසූ බවයි. දෙදෙනාගෙන් එක අයෙකුගේවත් ප්‍රකාශ තවම ලබා ගෙන නැති බව පොලිසිය කියයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p