කියනකොට එහෙමයි.. කරනකොට මෙහෙමයි.. නෑ නෑ කිවුවාට එජාප මැතිවරණ කමිටු අරලියගහ මැදුරේ කැඳවයි..

April 21, 2015

නුදුරේදී පැවැත්වෙන මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයන්ගෙන් ජය ගැනීම සඳහා සියළු එ.ජා.ප පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් සහ ලේකම්වරුන්, දිස්ත‍්‍රික් මාධ්‍ය ලේකම්වරුන් සම්බන්ධ කරගෙන විශේෂ හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වින.

මහ ලේකම් මන්ත‍්‍රී කබීර් හෂීම් ඇමැතිවරයා විසින් සංවිදානය කර තිබූ මේ හමුවේදී ඉදිරි මැතිවරණ ජය ලබාගන්නා මාර්ග පිළිබද විශේෂ කරුණු පැහැදිලි කිරීම් සහ දේශනයන්ද පැවැත්වින. ‘ජනජය මෙහෙයුම 2 විශේෂ සාකච්ඡව’ මැයෙන් මෙම හමුව නම් කර තිබින.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ කියා සිටියේ තමන් කිසිදු දේශාපලන කටයුත්තකට අරලියගහ මැදුර භාවිතා නොකරන බවත් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සඳහා පමණක් භාවිතා කරන බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p