අල්ලස් කොමිසමේ ජනරාල් පාර්ලිමේන්තුවට කැඳවයි

April 21, 2015

කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට කැඳවා ඇත. අද දින සවස 4ට ඇයට මෙසේ පාර්ලිමේන්තුව හමුවට පැමිණෙන ලෙසට කතානායකවරයා දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමග පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් අනතුරුවයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සහ එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබ මැදට පැමිණ කතානායකවරයා ඉදිරියේ හිඳ ගනිමින් විරෝධතාවයක නිරත වූ අතර කතානායක, නියෝජ්‍ය කතානායක හා පාර්ලිමේන්තු මහා ලේකම් වරයා එම මන්ත්‍රීන් සමග පැවති සාකච්ජා අසාර්ථක විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p