ආණ්ඩුව රටේ ජනතාව මත දැවැන්ත ණය බරක් පටවනවා

April 9, 2015

වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව මත දැවැන්ත ණය බරක් පටවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ 08 දින පෑවති මාධ්‍ය සාකච්ඡවකදීය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් අජිත් කුමාර මහතා………

අපේ‍්‍රල් 07 දින මුදල් ඇමති රවී කරුණානායක විසින් රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් මගින් ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය සියයට 50 න් වැඩි කරගැනීම සදහා හදිසි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. එය අපේ‍්‍රල් 06 දින පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර එකග වී තිබූ යෝජනාවක්. නමුත් දැනටමත් මේ වසර සදහා ආණ්ඩුව රු. බිලියන 850 ක ණය ප‍්‍රමාණයක් අනුමත කරගෙන තිබෙනවා. මෙමගින් රටේ ණය බර තවත් ඉහල යනවා.
අවුරුද්දේ පළමු කාර්තුව පමණක් ගෙවී ඇති මොහොතක ආණ්ඩුව හදිස්සියේ තමන්ගේ ණය ප‍්‍රමාණය මෙතරම් ඉහල දමාගන්නේ ඇයි ?

මෙමගින් රටේ ජනතාව මත දැවැන්ත ණය බරක් පටවනවා.මෙම ණය ගන්නේ කුමණ කටයුත්තකට දැයි ආණ්ඩුව පැහැදිලි කරන්නේ නැහැ. මේ නය ගන්නේ ජනතාවට අතුරු අයවැයෙන් පොරොන්දු වූ සහන දෙන්න කියලා එක් විටෙක කියනවා. රාජපක්ෂ පාලනය වැඩි පොලියට ගත ණය බේරලා අඩු පොලියට ණය ගන්න කියලා තවත් විටෙක කියනවා. ආණ්ඩුව ජනතාවට කෙලින් ඇත්ත කිව යුතුයි. මේ ණය ගන්නේ ජනතාවට අතුරු අයවැයෙන් පොරොන්දු වූ සහන දෙන්නනම් අයවැයට අදාලව අපි කල විවේචනය හරි. සහන දෙන්නේ සරදියල් ප‍්‍රතිපත්තියට අනුව පොහොසත් අයගෙන් අරන් දුප්පතුන්ට දීලා කියලයි මේ අය කිව්වේ. එහෙමනම් ණය ගන්නේ මොකටද? මේක බොරුවක් කියලා අපි කිව්වා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නේ අඩු පොලියට ණය ගන්න කියනවා. එතකොට පසුගියදා 12.5% ගිනි පොලියට බැඳුම්කර නිකුත් කිරීම ගැන මොකද කියන්නේ?
අනෙක මේක ගෙනාවේ හදිසියේ දවසක් තුල. ඇමති මණ්ඩලය සතු විධායක බලය යොදා ගනිමින් ඉදිරිපත් කර සම්මත කරගැනීමට ගත් උත්සහය තුල රටේ ජනතාවට නොදන්වා ඔවුන් සමග සාකච්ඡා නොකර ඔවුන් මගහැර ආණ්ඩුව කටයුතු කරන ආකාරය පැහැදිලි වෙනවා. එය ප‍්‍රජාතන්තවාදය, යහපාලනය විය නොහැකියි.

මේකට විරුද්ධ වන අය ගැනත් යමක් කිව යුතුයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය අතුරු අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. ඒ ප‍්‍රතිපත්තිය තමන්ගේත් ප‍්‍රතිපත්තිය කිව්වා. දැන් මේකට විතරක් විරුද්ධ වීම බොරුවක්, බල ව්‍යාපෘතියක කොටසක් මිස ප‍්‍රතිපත්තිමය විරෝධයක් නෙවෙයි. අනෙක් එක මේ ගොල්ලෝ අපේ‍්‍රල් 06 දින පක්ෂ නායක රැස්වීමේදී මේ යෝජනාව සාකච්ඡා කර එයට එකග වුනා. පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක්වත් ඉල්ලූවේ නෑ. මම බෙදීමක් ඉල්ලූවාමද මේක වැරදියි කියලා මතක් වුනේ?
අනෙත් අතට ගෝඨාභය රාජපක්ෂ කොතලාවල පෙෘද්ගලික විශ්ව විද්‍යාලයක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් වෙන් කරනකොට එජාප,ශ‍්‍රීලනිප,ජවිපෙ,දෙමළ සන්ධාන,ජාතික හෙල උරුමය කිසිවෙකුත් විරුද්ධ උනේ නැහැ. ඔෘෂධ පනතට,පොලීසිය තුල පැය 48ක් රදවා ගැනීමේ නීතියට,අතුරු අයවැයට ආදියටත් ඔවුන් විරුද්ධ උනේ නැහැ. මීළග පාර්ලිෙමින්තුවේ වීශාල බලයක් ඉල්ලන ජවිපෙ මෙම පනත්,යෝජනා ගෙනඑන විට මගහැර ගියා. ජනතාව ණය බරෙන් මිරිකන යෝජනා ගෙනඑන විට ජවිපෙ නියා්ජිතයින් කැන්ටමේ තේ බොන්න ගිහිල්ලා හැංගෙනවා.
දැන් විරුද්ධ පක්ෂ නායකයා,අගමැතිවරයා වීමේ බල අරගල ඇරඹී තිබෙන නිසා මේ කව්රුත් තම තමන්ගේ ස්ථාවරයන් තම තමන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව වෙනස් කරගෙන තිබෙනවා. ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාවේ 3/2ක්ම ආණඩුවේ.ජවිපෙ ආණඩුවේ ප‍්‍රතිපත්ති තීන්දු ගන්නා ජාතික විධායක සභාවේ ඉන්නවා.දෙමළ ජාතික සන්ධානය මෛත‍්‍රීපාලට උදව් කරනවා. ඔවුන් කිසිවෙකුත් රටේ ජනතාවට වගකියන සැබෑ විපක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ.

ජේ.ආර් ගෙන් පටන්ගෙන මහින්ද රාජපක්ෂ හරහා පැමිණි නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ මෛත‍්‍රී රනිල් පාලනයේත් ජනතා විරෝධීව ක‍්‍රියාත්මකයි. ඔෘෂධ පනතට,පොලීසිය තුල පැය 48ක් රදවා ගැනීමේ නීතියට,අතුරු අයවැයට, මහින්ද රාජපක්ෂගේ අයවැයට වගේම මෙම යෝජනාවටත් අපි විරුද්ධයි. ඒ නිසයි මම පාර්ලිමේන්තුවේදී බෙදීමක් ඉල්ලූවේ.
ඡුන්දයේදී ආණ්ඩුව පැරදුනා.නමුත් මෙම යෝජනාව නැවතත් පාර්ලිමෙන්තුවට ගෙනත් සම්මත කරගන්නා බව මුදල් ඇමතිවරයා කියනවා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයද කියලා අපි ප‍්‍රශ්න කරනවා. දෙනවා කිව්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද?
ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලපාන මෙම සියළු කටයුතුවලදී ඔබ විපක්ෂය ලෙස සංවිධානය විය යුතුව තිබෙනවා.ඔබ හොදින් කරුණු කාරණා අධ්‍යනය කරමින් ජනතාවගේ පක්ෂය ලෙස ඉදිරියට එන්න කියලයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p