ජාතික ආරක්‍ෂක ඒජන්සිය තුවක්කුවක් හිසට තබා වෙඩි තබන්නේ නෑ කියනවා

April 9, 2015

ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් සිදුකරන මහා පරිමාණ චරපුරුෂ මෙහෙයුම් ඇමරිකානුවන්ගේ හිසට ගිනි අවියක් තබා කොකා ගස්සන්නේ නැතැයි විශ්වාස කරන ලෙස ඉල්ලීමක් වැනි බව හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු මේ බව පවසා ඇත්තේ විකට නළු ජෝන් ඔලිවර් සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී අදහස් දක්වමිනි.  ඔලිවර්ගේ ලාස්ට් වීක් ටුනයිට් වැඩසටහන මොස්කව්හි පැරණි කේ.ජී.බී මූලස්ථානය ඉදිරිපිට පිහිටා ඇති හෝටල් කාමරයක් තුළදී ස්නොව්ඩන් හා එක්ව පටිගත කර තිබේ.

එහිදී හිටපු චරපුරුෂ නිලධාරියා පවසා ඇත්තේ ජාතික ආරක්‍ෂක ඒජන්සිය සතුව එදා මෙදා තුර පැවති වැඩිම චරපුරුෂ හැකියාව පවතින බවයි.

ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව මෙලෙස අත්පත් කරගන්නා තොරතුරු භාවිතා නොකරන බව ඔවුන් විසින් ප‍්‍රතිඥාදී තිබුණත් ගැටළුව වන්නේ ඒවා මගින් ජනතාව පරාධීන කිරීම බව ස්නොව්ඩන්ගේ අදහසයි.

රජය විසින් සිදුකරන බුද්ධි මෙහෙයුම් මගහැරීම සඳහා තම පුරුදු වෙනස් කිරීම ඇමරිකානුවන් පියවරගැනීමද ඔහුගේ විවේචනයට පාත‍්‍රව ඇතැයි පැවසේ.

තමන්ගේ බිය නිසා තම වටිනාකම් අත්හැරීම කළ යුතු නොවන බව ස්නොව්ඩන් පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p