මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය 2 ඇවිත්

April 2, 2015

මේ ක‍්‍රියාත්මක වන්නේ පරණ ප‍්‍රතිපත්තියමයි. මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය 2 ඇවිත් තියෙනවා. ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරද්දී පහර දෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ සිසු විරෝධතාවට ආණ්ඩව එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය අදහස ප‍්‍රකාශකිරීම සඳහා (01) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මරදානේ පෑවෑත්වු මාධ්‍ය හමුව අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය හමුව සදහා කම්කරු අරගල මධ්‍යස්ථානයේ විධායක කමිටු සාමාජික සී. ලන්දගේ මහතාද සහභාගී විය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා

‘පසුගිය ආණ්ඩුවට අධ්‍යාපනය සම්බන්ධයෙන් විරෝධයක් පැවතියා. ඒ අධ්‍යාපන පෞද්ගලීකරණය හා ශිෂ්‍ය මර්දනය නවත්වන ලෙසයි. මේ ආණ්ඩුවත් එම ප‍්‍රතිපත්තියම ඉදිරියට ගෙන යමින් තියෙනවා. පාසල් වල මුදල් අය කිරීම පිළිබඳව නිකුත් කරන ලද චක‍්‍රලේඛය ඊට හොඳ උදාහරණයක්. එම චක‍්‍රලේඛයෙන් කරන්නේ මෙච්චර කල් අවිධිමත්ව කළ මුදල් අය කිරීම් විධිමත් කිරීමයි. ඖෂධ පනතත් ඇත්තටම ඒ වගේ. ආණ්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කිරීමට පනතක් ගෙන ඒමට ආණ්ඩුවේ සූදානමක් තිබෙනවා. ඒක ගෙන එන්නේ උසස් අධ්‍යාපන පනත නමින්.
අධ්‍යාපනයට 6‍්‍රක් දෙනවා කියලා කියනවා. ඒ වුණාට මේ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කරලා නැහැ. මිලියන 350 ක් වැඩි කරලා තියෙනවා. ඒක ප‍්‍රතිශතයක් හැටියට 0.2‍්‍රක් වගේ සුලූ ප‍්‍රමාණයක්. එහෙම ගියොත් අධ්‍යාපනයට 6‍්‍රක් දෙන්න තව අවුරුදු 100 ක් විතර ගත වෙයි. අයවැය පරතරය අඩු කරන්න ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට එළඹිලායි ඉන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ වියදම් කපන්නට වෙනවා කියන එකයි.
මහපොළ වැඩි කරන එක පසුගිය කාලේ වෙන්දේසියක් වගේ වුණා. මහින්ද 4000ක් දුන්නම මෛත‍්‍රී 5000ක් දෙනවා කීවා. පෙබරවාරි මාසයේ 4000ක් දුන්නා. නමුත් දැන් විශ්ව විද්‍යාලවලට දන්වලා තියෙනවා මාර්තු මාසයේ ගෙවන්නේ 2500 යි. මීට පෙර 4000ක් ගෙවලා තියෙනවා නම් වැඩිපුර ගෙවා ඇති 1500 වාරික තුනකින් නැවත කපා ගන්නා ලෙස. මාර්තු මාසේ 4000ක් ගෙවන්න බැරි ආණ්ඩුව කොහොමද 5000ක් ගෙවන්නේ?
විවෘත විශ්ව විද්‍යාලයේ 18000ට තිබුණු ගාස්තු 60000 දක්වා ඉහළ දමලා. ශිෂ්‍යන්ට සිද්ධ වෙලා තියෙනවා පාඨමාලා නවත්වන්න. දවස් සීයකට වඩා විසඳුම් නැතිව ශිෂ්‍යයෝ අට්ටාලවල.
මේ ක‍්‍රියාත්මක වන්නේ පරණ ප‍්‍රතිපත්තියමයි. මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය 2 ඇවිත් තියෙනවා. ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරද්දී පහර දෙනවා. ශිෂ්‍යයෝ 6 දෙනෙක් රෝහල් ගත කරලා තිබෙන්නේ.
අද අ.වි.ශි.බ.ම යට පැමිණි මර්දනයම තමයි හෙට ගොවියාට, කම්කරුවාට, ධීවරයාට එන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන මහත්වරුන්ට අපි කියනවා නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් ඇවිත් තියෙනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න කියලා.
ඡුන්ද කාලේ අපි කිව්වා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයට කියලා. අද ඒක හොඳට පේනවා. පසුගිය ඡුන්දේදී අපි තීරණය කළා කාගෙන්ද ගුටි කන්නේ කියලා. මහින්දගෙන් ගුුටි කන එක ඇති වෙලා තියෙන්නේ කියලා මෛත‍්‍රී රනිල් ආණ්ඩුවෙන් ගුටි කන්න තීරණය කළා. සමහර පක්ෂ ගොඩ වැඩි කරගන්න යාම නිසා, ජනතාවගේ ප‍්‍රශ්න අමතක කරලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ප‍්‍රශ්න මතු කරන්න ජනතා බලවේගයක් සාදන්න එකතු වෙන්න කියලා.’’

Sammy

Previous story Next story

Leave a comment

t

o

p