ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධිය අභියසදී

March 29, 2015

2015 ජාතික අලුත් සහල් මංගල්‍යය 48 වන වතාවටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ලබන 04 වන දින ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සහ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

වී අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව සකස්කර ගන්නා සහල්වල අග්‍ර‍ කොටස එනම්‚ අලුත් අස්වැන්නේ දෙනු ලබන ප්‍ර‍ථම දානය අලුත් සහල් මංගල්‍යය නම් වේ.

කෘෂිකර්මාන්තයේ දී තමන්ට උදව් උපකාර කළ සියලු දෙනා වෙත කෘතගුණ දැක්වීමේ ශ්‍රේෂ්ඨ ගුණාංගය ඉස්මතු කරමින් ලාංකේය වාපි සංස්කෘතිය හා බැඳුණු කෘෂිකර්මාන්තයේ අනිවාර්ය අංගයක් ලෙස අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි.

මෙය හෙළ රජ දරුවන් විසින් පවත්වාගෙන යන ජාතිය මහෝත්සවයක් මෙන්ම ජනතාවගේ කුසගිනි දුරුකර, ජනතාව සුඛිතමුදිත කිරීමේ වගකීම රාජ්‍ය නායකයා නොපිරිහෙලා ඉටුකරන ජාතික කර්තව්‍යයකි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p