කැනේඩියානු ශිෂ්‍ය උද්ඝෝෂණ වලට පොලිස් ප‍්‍රහාරයක්

March 29, 2015

කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයේදී පැවති ශිෂ්‍ය විරෝධතාවක් කැනේඩියානු පොලිසිය විසින් විසුරුවා හැර ඇතැයි වාර්තා වේ.

රජය විසින් සිදුකරන අධ්‍යාපන කප්පාදුවට විරෝධය දැක්වීම සඳහා සංවිධානය කර තිබූ මෙම රැළිය සඳහා දහස් ගණනක් එක්ව සිටි බව පැවසේ.

පාගමනේ සැලැස්ම පිළිබඳව ප‍්‍රාදේශීය පරිපාලනය දැනුවත් කර නොතිබීම මත විරෝධතාවය නීතිවිරෝධී බව එය ආරම්භ කිරීමට පෙරම පොලිසිය විසින් ප‍්‍රකාශයට පත් කර තිබිණි.

රාත‍්‍රි 9ට පමණ එමිලි ගැමිලින් උද්‍යානයෙන් ආරම්භවූ පාගමන මධ්‍යයේදී පොලිසිය විසින් මෝටර් රථවලට අලාභහානි කිරීම හා තාප්ප සිතුවම් මගින් නගරය අපවිත‍්‍ර කිරීම යන චෝදනා මත උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර තිබේ.

පසුව විරෝධතාකරුවන් විසින් පොලිසිය දෙසට ගල් මුල් ප‍්‍රහාර එල්ල කිරීම සමග පාගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් රබර් උණ්ඩ, ශබ්ද බෝම්බ හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම විරෝධතාවය විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර ඔවුන් තරුණ කොමියුනිස්ට්වාදීන් හා විප්ලවවාදී ධනවාදී විරෝධීන්ගෙන් සමන්විත සංවිධානයක් බව වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p