විපක්‍ෂ නායකට දිනේෂ් හොදයි

March 26, 2015

දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක තනතුරට පත් වෙනවානම් තමා සතුටු වන බව ගම්පහ දිස්‌ත‍්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී (එජනිස* උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය ප‍්‍රකාශ කළාය.

විපක්‍ෂ නායක තනතුරට අවශ්‍ය සුදුසුකම් දිනේෂ් මහතාට තිබෙන අතර මේ මොහොතේ නිමල් සිරිපාල මහතාට තමා දොස්‌ නොකියන බවද පැවසූ ඇය වත්මන් දේශපාලන තත්ත්වය මත මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කැපී පෙනෙන චරිතයක්‌ බවද කීවාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යළිත් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට පිරිසක්‌ උත්සාහ ගන්නා නමුත් එම පිරිස ඔවුන්ගේ ප‍්‍රයෝජන තකා මෙසේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනාගතය ගැන කතා කරන බවද තවත් පිරිසක්‌ මහින්ද මහතාට යළිත් නිසි තැන ලබාදීමට ‘‘මහින්ද ඕනෑ‘‘ යන අදහසින් ක‍්‍රියා කරන බවද ඇය සඳහන් කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p