මත්පැන් බද්ද අත්හිටුවයි

March 26, 2015

සියලූ‍ම අරක්‌කු සහ මත්පැන් නිෂ්පාදකයන් ලබන අපේ‍්‍රල් 01 සිට මසකට රුපියල් කෝටි 02 බැගින් අවම බද්දක්‌ ගෙවිය යුතු යෑයි දන්වා සිටිමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 13.02.2015 දින නිකුත් කළ නියෝගය ක‍්‍රියාත්මකවීම ශේෂ්ඨාධිකරණය විසින් ඊයේ අත්හිටුවන ලදී.අරක්‌කු සහ බීර නිෂ්පාදන ආයතන සහ ඒවායේ හිමිකරුවන් 08 දෙනෙකු ගොනුකළ පෙත්සම් සහ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි තීන්දුව ඉදිරිපත් කළ කරුණ සැලකිල්ලට ගැනීමෙන් පසුව ශේෂ්ඨාධිකරණය එකී නියෝගය නිකුත් කළේය.

මුදල් ඇමැති, සුරාබදු කොමසාරිස්‌ ඇතුළු පෙත්සමේ නම් සඳහන් සියලූ‍ම වග උත්තරකරුවන් උසාවි කැඳවා පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමටද නියම කෙරිණි.

පෙත්සම් විභාගය අපේ‍්‍රල් 30 දා පැවැත්වේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් සැලකර සිටියේ සුරාබදු පනතේ රෙගුලාසිවලට අනුව මත්පැන් නිෂ්පාදකයින්ගේ බලපත‍්‍ර අවලංගු කිරීම සහ තහනම් කිරීම හැර ඔවුන්ගෙන් අය කළ යුතු බද්ද නියම කිරීමට මුදල් අමාත්‍යවරයාට බලයක්‌ නැති බවයි.

හදිසියේම ඉතාම අසාධාරණ දරාගත නොහැකි අධික බද්දක්‌ අය කිරීමට ගත් තීරණය හේතුකොට ගෙන මත්පැන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයේ යෙදි සිටින සියලූ‍ දෙනාම ඉතා අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින බවත් එම බද්ද ගෙවීමට නොහැකි වුව හොත් නිෂ්පාදන කර්මාන්තශාලා වසා දැමීමට සිදුවන බවත් එවිට විශාල සේවක සංඛ්‍යාවකට රැුකියා අහිමි වන බවත් නීතීඥවරු පැවසූහ.

දැනට රා නිෂ්පාදනය කරන ආයතන 200 ක්‌ පමණ රටපුරා තිබෙන බවත් මුදල් අමාත්‍යවරයා විසින් ගැසට්‌ පත‍්‍රයක්‌ මගින් ප‍්‍රකාශයට පත් කළ බද්ද ගෙවීමට ඒ අයටත් සිදුවන බවත් එක්‌ පෙත්සම්කරුවෙක්‌ වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ චූලා බණ්‌ඩාර මහතා කීය.

මුදල් ඇමැති හා සුරාබදු කොමසාරිස්‌ වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරා- දයාරත්න මහතා පැවසුවේ අමාත්‍යවරයා නිකුත් කළ නියෝගයෙහි යම් අපැහැදිලි තත්ත්වයක්‌ පෙනෙන්නට තිබුණත් සුරා බද්ද වැඩි කරමින් ඔහු නිකුත් කළ නියෝගය නීතියට අනුකූල බවයි.

මසකට බද්ද රුපියල් කෝටි 20 බැගින් අයකරන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ මෑතදී ප‍්‍රකාශයට පත් කළ අතුරු අයවැය යෝජනා මගින් බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන්, සිසිරද ආබෲ, අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණි.

ලබන අපේ‍්‍රල් 01 සිට මාස්‌පතා රුපියල් කෝටි 20 බැගින් ගෙවනු නොලැබුව හොත් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන බලපත‍්‍රය අවලංගු කරන බව දැනුම් දෙමින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්‌ මත්පැන් නිෂ්පාදකයන් වෙත යෑවූ ලිපිය බල රහිත කරන ලෙසත් මුදල් ඇමැතිගේ නියෝගය හේතු කොටගෙන ආණ්‌ඩුක‍්‍රම ව්‍යවස්‌ථාවේ 12(1* 14(1* ජී වගන්ති උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p