ජනපති අද චීනයට

March 25, 2015

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවු දින චීන නිල සංචාරයක් සඳහා අද (25) දිවයිනෙන් පිටත්ව යයි .

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු තෙවන විදේශ සංචාරයට එක්වන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා දූත පිරිස මහත් උත්සවත්ශ්‍රීයෙන් පිළිගැනිමට චීන ගුවන් තොටුපළේ අභිමානවත් උත්සවයක් චීන රජය සූදානම් කර ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සිවු දින නිල සංචාරයට චීනය බලා පිටත්ව යයි.

චීනයේ බීජිං නුවර දී හෙට (26) දා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධාත්වයෙන් චීන මහජන ශා‍ලාවේදී පැවැත්වෙන රාජ්‍ය උත්සවයට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක් වෙයි . එසේම එහිදී දෙරටේ නායකයන් විසින් ශ්‍රි ලංකාවට ඉතා වැදගත් ද්විප්‍රාර්ශවික ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීමට නියමිතය .

අනතුරුව චින ජනාධිපතිවරයාගේ විශේෂ හමුවකට සහ දිවා භෝජන සංග්‍රහයකටත් ජනාධිපතිවරයා එක් වෙයි.

චීන ජාතික මහා කොංග්‍රසයේ ස්ථාවර කමිටු‍ සභාපති ෂහන්ඩ් රජීන්ඩ් (zhand rajirnd)මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.ජනාධිපතිවරයා චීන අගමැති li kegiang මහතා සහ පාර්ලිමේන්තු කණ්ඩායම හමු වී විශේෂ සාකච්ඡාවකට එක් වෙයි.

ජනාධිපතිතුමන්ගේ මේ සංචාරය ‍ චින -ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව ප්‍රවේශයක් වනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු පැවැසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p