ඇමරිකාවට ගියොත් මරණ දඬුවම

March 24, 2015

තමා ඇමරිකාවට ගියොත් නඩු පවරා විදුලි පුටුවේ තබා මරණ දඬුවම පමුණුවනු ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටී.

ශ‍්‍රී ලංකාවේ විද්යුත් නාලිකාවක්‌ සමග සාකච්ඡුාවක්‌ පැවැත්වූ ඒ මහතා තවදුරටත් පැවසුවේ වන්නි මෙහෙයුම දියත් කිරීම සම්බන්ධව තමාට විදුලි පුටුවේ වාඩිවීමට සිදුවන බවයි.

”‍කොටි ත‍්‍රස්‌තවාදීන් අවස්‌ථාව එනතුරු බලා සිටිනවා. ඔවුන් මට එරෙහිව නඩුවක්‌ ගොනු කරනවා.”‍ යෑයි රාජපක්‍ෂ මහතා කියා සිටියේය. වසර 20 ක්‌ රජයේ හමුදා සේවය කළ තමාට කැපවීම නිසා යුද්ධය අවසන් කිරීමට හැකිවූ බවද හෙතෙම තවදුරටත් පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p