19ට හෙළ උරුමය විරුද්ධයි

March 20, 2015

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජාතික හෙළ උරුමය සිය විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබි තිබෙන බලතල සම්පූර්ණයෙන් ඉවත් කර එම සියලු බලතල අග්‍රාමාත්‍යවරයාට හිමිවන බව රතන හිමියෝ පැවසූහ.

වත්මන් රජය විසින් සිදුකළ මෙම ව්‍යවස්ථා සංශෝධනයන් හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරීමට ඇති හැකියාව වැළකී යන බවත් එය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් අතුරලියේ රතන හිමියෝ පෙන්වා දුන්හ.

එසේම යම් ආකාරයකින් පාර්ලිමේන්තුව තුළ සුළු ආසන සංඛ්‍යාවකින් යුතු ආණ්ඩුවක් බිහි වුවහොත් එයින් රට අරාජිත තත්ත්වයකට පත් කිරීමටද මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් මගපාදන බව උන්වහන්සේ සඳහන් කළහ.

මේ අතර යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් එහිදී ජනාධිපතිවරයා හුදු සංකේතයක් පමණක් වන බවත් එය මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකුට කරන බලවත් අසාධාරණයක් බවත් අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p