අද, හෙට කොළඹ පාරවල් වැහෙන්නේ මෙහෙමයි..

March 13, 2015

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් අද (13) සහ හෙට (14) යන දෙ දින තුළ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කොට ඇත.

ඒ අනුව අද පෙරවරු 5.30 සිට පෙරවරු 6.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම, බේස්ලයින් මාර්ගය, බොරැල්ල මංසන්ධිය, ඩී.එස්. විදුලි සංඥා, හෝටන් පෙදෙස, ලිබර්ටි වටරවුම සහ කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය රථවාහන ධාවනයේ දී යම් සීමාකිරීමක් සිදු කෙරේ.

පෙරවරු 9.15 සිට 9.45 දක්වා පැය භාගයක කාලයක් ගාලු මුවදොර ඉදිරිපිට ගාලු පාරේ රථවාහන ගමනාගමනය ද සීමා කරනු ඇත.

පෙරවරු 11.30 සිට දහවල් 12.30 දක්වා කාලය ගාලු මුවදොර ඉදිරිපිට ගාලු පාර, ලෝටස් පාර, රිගල් වටරවුම, ඩී.ආර්. විජයවර්ධන මාවත, ගාමිණී හෝල් වටරවුම, මරදාන හන්දිය සහ මාළිගාකන්ද පාරේ සිට මහාබෝධි විහාරය දක්වා වූ මාර්ගවල සහ ප‍්‍රදේශයන්හි රථවාහන ධාවනයේ දී යම් යම් සීමා කිරීම් සිදු කිරීමට ද නියමිතය.

තව ද හෙට පෙරවරු 8.15 සිට 8.45 දක්වා සහ පස්වරු 3.15 සිට පස්වරු 4.30 දක්වා ගාලු මුවදොර සිට ලෝටස් පාර, සෙරමික් හන්දිය, රීගල් වටරවුම, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත, කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට වට රවුම දක්වා කොටස ද වසා තැබේ. මීට අමතර ව කොළඹ නගරයේ තවත් මාර්ග කිහිපයක් වසා තැබීමට නියමිත ව ඇත.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p