අපේක්‍ෂතයන් තේරීමේදී නිර්ණායක 08ක්

March 12, 2015

දේශපාලන පක්‍ෂ සිය පක්‍ෂයෙන් අපේක්ෂකයින් තෝරා ගැනීමේදී සැලකිය යුතු නිර්නායක පිළිබදව සකස් කළ යෝජනාවලියක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතට පිලිගන්වනු ලැබීය.

‘මාර්තු 12 ප‍්‍රකාශණය’ නමින් පැෆරල් සංවිධානය විසින් සකසන ලද මෙම ප‍්‍රකාශණ එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක්ද එක්වූහ.

යෝජනාවලියේ පහත ප‍්‍රධාන කරුණු ඇතුළත්ව පවතී.

  1. අපරාධ වරදක් සදහා නීතියෙන් වරදකරුවෙකු වූ අත්හිටවූ සිරදඩුවමට ලක්වූ අයෙකු නොවිය යුතුයි.
  2. අල්ලස් හෝ දූෂණ පිළිබද වරදකරුවෙකු නොවූ චරිතවත් සහ සමාජය පිළිගත් අයෙකු විය යුතු අතර අල්ලස් හෝ දූෂණ පිළිබද චෝදනා ලැබූ අය ගැන සැලකිලිමත් විය යුතුයි.
  3. මධ්‍යසාර සහ මත් ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු නීති විරෝධී හෝ රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ කළ අයෙකි නොවිය යුතුයි.
  4. දේශපාලනික බලය අනිසි ලෙස භාවිතා නොකළ අයෙකු විය යුතුයි.
  5. ජීවආධාරක ව්‍යූහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාර වල යෙදෙන අයෙකු නොවිය යුතුයි.
  6. මහජන නියෝජිතයෙකු වන්නට පෙර රජය සමග අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් සහ මහජන නියෝජිතයෙකු ලෙස සිටිමින් රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකරගත් හෝ ගිවිසුමක පාර්ශවකරුවෙකු නොවන්නෙක් වීම.
  7. නාම යෝජනා දීමේදී අපේක්ෂකයා අදාළ ප‍්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු දීර්ඝ කාලීන පදිංචිකරුවෙකු වීම හෝ ප‍්‍රදේශයේ පදිංචිවීමට එකගතාවයක් තිබිය යුතුයි.
  8. නාම යෝජනා දීමේදී කාන්තා සහ තරුණ කොටස් සදහා යම් ප‍්‍රමාණවත් ඉඩක් ලබාදීමට ක‍්‍රියා කළ යුතුයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p