යුරෝපය නාසි ජර්මනිය වගේ – මැඩෝනා

March 11, 2015

ඉහළ යන නොඉවසුම සහ යුදෙව් විරෝධය මත යුරෝපය නාසි ජර්මනිය මෙන් දැනෙන බව පොප් තාරකාවක් වන මැඩෝනා පවසා තිබේ.

ඇය පවසා ඇත්තේ ප‍්‍රංශය තවදුරටත් විවිධත්වය හා නිදහස අගයන රාජ්‍යයක් නොවන බවයි.

අප ජීවත්වෙන්නේ පුදුමාකාර සමයක බවත් යුරෝපයේ තත්වය බියජනක බවත් 56 හැවිරිදි මැඩෝනා පවසා ඇත.

යුරෝපා ගුවන් විදුලි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡවකදී ඇය මේ අදහස් දක්වා තිබේ.  ප‍්‍රංශය තුළ යුදෙව් විරෝධය අන් සියලූ යුගයන්ට සාපේක්‍ෂව ඉහළ ගොස් ඇති බවත් සියල්ලන් වැළඳගත්, නිදහස කලාත්මකව විදහා පෑ යුගය අතුරුදන්වී ඇති බවත් මැඩෝනාගේ අදහසයි.

ප‍්‍රංශය එක්තරා යුගයකදී විවිධ වර්ණයන්ගේ ජනතාව පිළිගනු ලැබූ අතර ජොසපින් බේකර් සිට චාර්ලී පාකර් දක්වා කලාකරුවන් පලා ගිය ස්ථානයක් වූ බවද ඇය තවදුරටත් අවධාරණය කර ඇතැයි පැවසේ.

මෙය යුරෝපයේ පටු බව මැඩෝනා විසින් විවේචනය කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 2012දී ඇය වර්ගවාදී හා අන්ත දක්‍ෂිණාංශික පක්‍ෂ නැගීම හෙළා දකින ලදී.

මෙය සිහි කැඳවූ ඇය පවසා ඇත්තේ මින් වසර 2කට පෙර පැවසූ දේ මේ වන විට පැහැදිලිව ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p