වාහන පිලිබද තවත් නවතම ඉ-සේවාවන් 3ක්

March 11, 2015

රථ වාහන පිලිබද තවත්  නවතම ඉ-සේවාවන් 3ක් හදුන්වා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ‍ගෙන තිබේ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාල සීමාව දැන ගැනීම,  වාහන කාණ්ඩයක අවසන් ලියාපදිංචි අංකය පිලිබද තොරතුරු දැන ගැනීම‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, වාහනයක අයිතිය පිලිබද තොරතුරු දැන ගැනීම,   මෙම නව ඉ-සේවාවන් ත්‍රිත්වය වේ.

වාහන ආදායම් බල පත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාල සීමාව දැන ගැනීම, වාහන කාණ්ඩයක අවසන් ලියාපදිංචි අංකය පිලිබද තොරතුරු දැන ගැනීම යන සේවාවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේwww.motortraffic.gov.lk නිල වෙබ් අඩවියට  සහwww.srilanka.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙන්ම ස්මාට් ජංගම දුරකථනයක් ඔස්සේ ලබා ගත හැකිවේ.

වාහනයක අයිතිය පිලිබද තොරතුරු දැන ගැනීමේදී ඉහත පහසුකම් වලට අමතරව ජංගම දුරකථනයට  කෙටි පණිවිඩයක් ලබාදීම මගින්ද දැන ගත හැකි බව නියෝජිතායතනය පවසයි.

වාහනයක අයිතිය පිලිබද තොරතුරු දැන ගැනීමේදී සීමිත තොරතුරු ප්‍රමාණයක් නොමිලේ ලබා දෙන අතර මෝටර් රථ ප්‍රවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සි‍ය අන්‍යතාවය තහවුරු කර මුල්‍යය ගෙවීමකින් පසු සවිස්තර වාර්තාවක් ලබා ගත හැකිවේ.මෙම මුල්‍ය ගෙවීම් ණයවර කඩ්පත් සහ ජංගම දුරකථන මගින් කළ හැකි වේ.

වත්මනයේ ජන ජීවීතයට ඉතා තදින් බැදී පවතින  ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධව මෙසේ නව ඉ-සේවාවන් තුනක් හදුන්වාදීමට හැකි වීම ගැන සතුටු වන බවත් මේ වන විට ඉ-සේවාවන් පණහක් පමණ හදුන්වා දීමට පියවර ගෙන තිබෙන බවත්  නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ  ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පවසයි.

මෙම නව ඉ-සේවන් ජනගත කිරීම අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්‍ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේදී සිදුවු අතර එහිදී අදහස් දැක්වු රන්ජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා සදහන් කළේ  ජනතාවගේ එදිනෙදා ජීවිතයේ කටයුතු නවීන තාක්‍ෂණයේ ආධාරයෙන්  සිදුකර ගැනීමට පහසුකම් සැලසීම වත්මන් රජයේ යුතුකමක් සහ වගකීමක් ලෙස කලකන බවයි.වත්මන් රජයේ දින සියයේ වැඩසටහන යටතේ තවත් මෙවැනි පහසුකම් හදුන්වා දීමට අපේක්‍ෂා කරන බවයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්.එච් හරිස්චන්ද්‍ර, ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික ආචාර්ය අජිත් මදුරප්පෙරුම, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ‍වසන්ත දේශප්‍රිය මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

ජාතියේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියෙහි දිසා දක්වන්නා වූ ශ්‍රී ලංකාවේ එකම මුදුන් ආයතනය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයයි. සම්පූර්ණ රාජ්‍ය ආයතනයක් වන ICTA ඉ-ශ්‍රී ලංකා මෙහෙය ක්‍රියාත්මක කිරීමේ සංවිධානය ලෙස ක්‍රියා කරයි.

– ICTA

Sammy

Previous story Next story

Leave a comment

t

o

p