මෝදි ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතුයි

March 10, 2015

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට විරෝධය පා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතු බව හිටපු ඉන්දීය ඇමැති වී. නාරායනසාමි ප්‍රකාශ කර ඇති බව එරට ‘එක්‌ප්‍රස්‌’ පුවත් සේවය වාර්තා කර තිබේ. 

ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමට නාවික හමුදාවට අයිතියක්‌ ඇති බව පවසමින් අගමැති වික්‍රමසිංහ කළ ප්‍රකාශය පිළිබඳව හිටපු ඉන්දීය ඇමැතිවරයා උරණ වී ඇත.

මෙම ප්‍රකාශය ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්‌වරාඡ් විසින් හෙළා දැකිය යුතු බවත් නාරායනසාමි පවසා ඇත. ඉන්දීය පාර්ලිමේන්තුව ද අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය හෙළා දැකිය යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

 

චතුර පමුණුව 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p