එජාප – ශ්‍රී ලංනිප සමග ජනපති මෛත්‍රී සාකච්ඡා

March 9, 2015

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති කිරීමට පක්ෂවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළඹෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අවසන් වූ විගස මෙකී හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමග මැතිවරණ ක්‍රමයද වෙනස් විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින අතර, එක්සත් ජාතික පක්ෂය මේ දෙක වෙනම සිදුවිය යුතු බවට ස්ථාවරයක සිටින බව වාර්තා වේ. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p