ලංකාවේ 50,000ක් දවසකට කුඩු බොති

March 8, 2015

ශ‍්‍රී ලංකාවේ දෛනිකව හෙරොයින් භාවිතා කරන පිරිස 45,000 – 50,000ක් පමණ වන බවට සමීක්ෂණයකින් හෙළි කරගෙන ඇත. මේ වනවිට ලබාගෙන තිබෙන දත්තයන්ට අනුව මේ අගය වාර්තා වන අතර 1995 වසරේ සිට මෙවැනි පිරිස් පුනරුත්ථාපනය කරන බවද මත්ද්‍රව්‍ය ගැටලූ‍ව ශ‍්‍රී ලංකාවට විශාල ප‍්‍රශ්නයක් වී තිබෙන බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පැවැති විශේෂ වැඩසටහනකට සහභාගි වෙමිනි. මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට සම්බන්ධ දත්ත ඇතුළත් කරමින් වාර්ෂිකව නිකුත් කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩල (ෂබඑැරබ්එසදබ්ක භ්රජදඑසජි ක්‍දබඑරදක ඊද්රා* වාර්තාව එළිදැක්වීම මෙහිදී සිදුකෙරිණි. මේ අතර එහි ගෝලීය වාර්තාව නිකුත් කිරීම බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර දී සිදුකෙරිණි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ තොරතුරු කේන්ද්‍රය ඒකාබද්ධව මේ වාර්තාව නිකුත් කෙරුණු අතර ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලූ‍ව සම්බන්ධයෙන් තුලනාත්මක ප‍්‍රවේශයකින් කරුණු සොයා බැලීම එම වාර්තාව මගින් සිදුවෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටට පැමිණෙන සෑම විදේශීය සංචාරකයෙකුම පරීක්ෂා කිරීම අපහසු හෙයින් ගුවන් තොටුපළ හා වෙනත් මාර්ගවලින් මෙරටට රැුගෙන එන මත්ද්‍රව්‍ය පාලනය කිරීම තරමක අපහසු ක‍්‍රියාවක් වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් නිරන්තරයෙන් පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව පෙන්වාදුන් ඒ මහතා මත්ද්‍රව්‍ය උවදුර පාලනය වෙනුවෙන් ගතහැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඒ සම්බන්ධයෙන් විදවතුන්ගේ අදහස වී තිබෙන්නේ එය බවද සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p