ලෝක කාන්තා දිනය අද

March 8, 2015

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. සුවිශේෂ සමාජ පරිවර්ථනයක් ඇති වන නූතන යුගයේ කාන්තා අයිතිවාසිකම් සපුරාලීමට ප්‍රමුඛ ස්ථානයක් ලැබී ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

 

ලොව පුරා කාන්තාවට හිමි නිසි තැන උදාකරදීම සඳහා සමාජ , ආර්ථික, දේශපාලන මෙන්ම සංකල්පමය වෙනස්කම් සිදුවෙමින් පවතින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සමාජයීය මෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයටද, කාන්තා හිංසන සහ වෙනත් තර්ජනවලින් කාන්තාව ආරක්ෂා කරගැනීමට ද, මත්කුඩු සහ මත්පැන්වල ආදීනවයන්ගේ දරුණු ප්‍රතිඵලවලින් ඇය සුරැකීමට ද වත්මන් රජය බැඳී සිටින බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p