ක්‍රිස් නෝනිස් ජනාධිපති උපදේශක

March 7, 2015

බි‍්‍රතාන්‍ය හිටපු මහා කොමසාරිස් ක‍්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත් කෙරේ. ඒ මහතා අද (06* පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ක‍්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකි. ඒ මහතා සිය පශ්චාත් උපාධිය කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බි‍්‍රතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කොට තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය වෘත්තියේ ඉහළ ගෞරවයක් දිනාගත් නෝනිස් මහතා ප‍්‍රාමාණික බුද්ධිමතෙකු ලෙස ද ප‍්‍රකට ය. ජාත්‍යන්තර සංවිධාන ගණනාවක ඉහළ නිලතල දරා ඇති ක‍්‍රිස් නෝනිස් මහතා රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයට ද එක් වූ කීර්තිමත් ශ‍්‍රී ලාංකිකයෙකි. පසුව එහි නියෝජ්‍ය සභාපති තනතුර හෙබවීමට ද ක‍්‍රිස් නෝනිස් මහතා සමත් වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p