ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගයක් සොරාගැනේ

March 6, 2015

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සිට මැසචුසෙට්ස් දක්වා ට‍්‍රක් රථයක් තුළ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් පවුම් තොගයක් සන්නද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් සොරාගෙන ඇතැයි වාර්තා වේ.

මියාමි නගරයේ සිට මෙම රන් තොගය ගෙනයමින් තිබූ ඇට්ල්බොරෝ නගරය එහි රන් භාණ්ඩ නිෂ්පාදකයින් හේතුවෙන් ආභරණ නගරය ලෙසද හැඳින්වේ.

ට‍්‍රක් රථය උතුරු කැරොලිනාවේ 95වන අන්තර්ප‍්‍රාන්ත අධිවේගී මාර්ගයේ පිටිසරබද ප‍්‍රදේශයකදී යාන්ත‍්‍රික දෝෂයකට මුහුණදීම හේතුවෙන් එය තල්ලූ කර මාර්ගයෙන් ඉවත් කිරීමට සිදුවූ බව රන් ප‍්‍රවාහනය කිරීම සඳහා වගකීම පැවරී තිබූ ට‍්‍රාන්ස්වැලියු සමාගම පවසා තිබේ.

ඉන් මද වේලාවකට පසුව සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙක් විසින් ට‍්‍රාන්ස්වැලියුහි ආරක්‍ෂකයින් දෙදෙනා බැඳ දමා වනයට ගෙනගොස් ඇති අතර බැරල්වල බහා තිබූ රන් කිලෝග‍්‍ර‍්‍රෑම් 125ක ප‍්‍රමාණයක් රැගෙන ගොස් තිබේ.

ට‍්‍රක් රථයේ තිබූ සියලූම රන් දඬු මංකොල්ලකරුවන් විසින් පැහැරගෙන නොමැති බවද වාර්තාවී ඇති අතර ඊට හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැත.

ඩොලර් මිලියන 4.8ක් වටිනා පැහැරගත් රන් තොගය කොල්ලකෑ අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නෙකු සඳහා ඩොලර් 50000ක් ත්‍යාගයක් ලබාදෙන බවද ට‍්‍රාන්ස්වැලියු සමාගම පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p