නව යුද හමුදාපති වැඩ භාර ගනී

February 24, 2015

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (23) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
නව යුද හමුදාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී උත්තමාචාර පෙලපාලියක් ද පැවැති අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව බත්තරමුල්ල යුද හමුදා ස්මාරකය වෙත ගිය ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර ද දැක්වීය. මෙම අවස්ථාව සඳහා හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා ද එක්විය.
1980දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්ව 1981 දී දෙවන ලුතිතන්වරයකු ලෙස ඉංජිනේරු බලකායේ හයවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට බැඳුණු ඒ මහතා මේ වනවිට වසර 36ක සේවා කාලයක් සපුරා තිබේ.
යුද හමුදා ඉංජිනේරු බලකාධිපති දක්වා එම බලකායේ සියලු තනතුරු හොබවා ඇති ඒ මහතා යුද හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂ, මෙහෙයුම් සහකාර අධ්‍යක්ෂ, යුද හමුදා ලේකම්, ස්වේච්ඡා බලකාධිපති, බටලන්ද මාණ්ඩලික පුහුණු පාසලේ උපදේශක, අණදෙන නිලධාරි හා සේනාවිධායක යන තනතුරු ද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p