ගිය ආණ්ඩුවේ වැරදි මේ ආණ්ඩුව නොකළ යුතුයි -රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

February 22, 2015

පසුගිය ආණ්ඩුව මෙන් වැරදි නොකරන්න මේ ආණ්ඩුව වගබලා ගත යුතු බවත් ප‍්‍රාදේශිය මට්ටමෙන් හෝ වැරදි කරනවා නම් ඒ එ.ජ.ප.යේ බලය බිඳදැමීමේ අරමුණින් කරන ක‍්‍රියාවක් බවත් පුත්තලම් දිස්තී‍්‍රක් නායක, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම් දිස්ත‍්‍රීක් බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අපි දීර්ඝ කාලයක් විපක්‍ෂයේ කටයුතු කළ අතර නායකතුමාගේ ඉවසීම සහ සියලු දෙනාගේ කැපවීම මත ජයග්‍රහණය දක්වා ගමන් කර තිබෙන බවත් පසුගිය ආණ්ඩුව මඟින් සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති වංචා සහ දූෂණවලින් යුක්ත වන නිසා ඒවාවල ප්‍රතිලාභ ජනතාවට හිමි නොවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

ශ‍්‍රීලනිපයේ මහලේකම් ඇතුළු පිරිසක් පැවති ආණ්ඩුවෙන් ඉවත් වී කෙටි කාලයකින් ජයග‍්‍රණය කරන්න අපිට හැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව රජය යටතේ දේශපාලනයේ වෙනම සංස්කෘතියක් නිර්මාණය කර තිබෙන බව ද සඳහන් කළේය.

 

මහජන නියෝජිතයන් පෞද්ගලික වාසි තකා කටයුතු කරනවිට ඔවුන් ජනතාව ප‍්‍රතික්ෂේප කරයි. එසේම ආගම් වාදය සහ ජාතිවාදය දේශපාලන බලය ලබා ගැනීම සඳහා පාවිචිචි නොකළ යුතු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p