අය වෑය සහන වෙනුවෙන් ජනතාවට ඉදිරියේ කෑපකිරීම් සිදු කරන්න වෙයිද ?

February 13, 2015

සහන උඩින් තවරපු යට නව ලිබරල් වස තියන මහින්ද රාජපක්ශ මහතාගේ අය වෑය සහ රවී කරුණානායක මහත්තයා 2015 සදහා ඉදිරිපත් කරපු සහන වෑඩිපුර තවරපු යට නව ලිබරල් වස තියන අය වෑය මගිනුත් ජනතාවට අත් වෙන සහනයක් නොමෑති  බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.

මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රයේ 12 දින පෑවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ශයේ පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය . මේ
මාධ්‍ය හමුව සදහා කම්කරු අරගල මධයස්තානයේ රන්ජිත් පියතිලක,පෙරටුගාමී සමාජවාදී පක්ශයේ ජුඩ් ක්‍රිශාන්ත මහතා සහභාගී විය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා

 

පසුගිය ජනවාරි 29 වෙනිදා අලුත් ආණ්ඩුවෙන් 2015 වසර සදහා ඉදිරිපත් කළ අය වෑයට ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 164 තිබුනා. විපක්ශව තිබුනේ අපේ පක්ශයේ ඡ්න්දය විතරයි. ඒ අපේ පක්ශයේ අජිත් කුමාර සහෝදරයාගේ ඡ්න්දය . අය වෑයට අපි එරෙහි වුනේ හේතු සහිතවයි.පසුගිය වර මහින්ද රාජපක්ශ මහතා ඉදිරිපති ක්ළ අය වෑය තුලින් සහන දුන්නා.  මෙවර අය වෑයෙන් සහන වෑඩිපුර දුන්නා කියලා බොහෝ අය හිතනවා. ඒත් මේ දෙකම එකයි. වෙනස තියෙන්නේ ගියවර අය වෑය ඉදිරිපත් කලේ සාටකය දාපු කෙනෙක්. මෙවර 2015 සදහා අය වෑය ඉදිරිපත් කලේ ටයි කෝට් දාපු කෙනෙක් ඔච්චරයි වෙනස.

මේ අය වෑය දෙකේම සිදු කලේ සහන කියන අයිසින් තට්ටු උඩින් තවරලා නව ලිබරල් ප්‍රතිපත්ති යටට දාපු එක.
රවී කරුණානායක මහත්තයා කිව්වා මේක සරදියෙල් පන්නයේ අය වෑයක් කියලා. පෝසතුන්ගෙන් අරගෙන දුප්පත් අයට සහන දෙනවා කියලා.මහින්ද ඒලවලා යහපාලනය ගෙනාව කිව්වට මේ දෑන් තියෙන්නේ දෙවෑනි මහින්ද පාලනය.
බයියාගේ අය වෑයේ පෝසතුන්ගෙන් අය කරන බදු ප්‍රතිශතය 22.6 දුප්පතුන්ගෙන් අය කරන බදු ප්‍රතිශතය 77.4. සරදියෙල් අය වෑයේත් මේ බදු ප්‍රතිශතය එලෙසමයි.

රවී කරුණානායක මහත්තයා ඉදිරිපත් කරපු අය වෑය ගමන අවසන් වෙන්නේ කොහොමද කියන එක නිශ්චිත ලෙස රනිල් මහත්තයා කිව්වා. ඔහු කිව්වේ ආර්තිකය සන්වර්ධනය කිරීම සදහා ජනතාව කෑප කිරීම් කළ යුතු කියලා.මේ කතාව අපි දශක ගණනාවක් තිස්සේ අහපු කතවක්. මේ කියන්නේ මේ ලබා දුන් සහන වෙනුවෙන් ජනතාවට ඉදිරියේදී කෑප කිරීම් කිරීමට සිදු වෙනවා කියලාද ?

Sammy

Previous story Next story

Leave a comment

t

o

p