මතට තිත

February 13, 2015

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය  භාවිතය වැළැක්වීම සඳහා නීති රීති දැඩි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වළක්වාලමින් වරාය සහ ගුවන්තොටුපළ ආශ්‍රීතව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා රජය සැලසුම් කරඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p