සදාම් හුසේන් එල්ලූ කඹයත් වෙන්දේසි කෙරේ

February 13, 2015

හිටපු ඉරාක නායක සදාම් හුසේන් මරණීය දණ්ඩනයට ලක්කිරීම සඳහා භාවිතා කළ කඹය වෙන්දේසි කර ඇතැයි වාර්තා වේ.

මේ වන විට ඒ සඳහා ඩොලර් මිලියන 7ක ලන්සුවක් හිමිව ඇතැයි පැවසේ.  සදාම් එල්ලූ කඹය මේ වන විට ඉරාක දේශපාලඥයකු වන ආචාර්ය මවාෆාක් අල් රුබායි සතුව පවතී.

හිටපු ඉරාක නායකයා පෝරකය වෙත රැගෙන යාම සඳහා එක්වූ ආචාර්ය රුබායිට ඩොලර් මිලියන 7කින් සෑහිමකට පත් නොවනු ඇති බව මැදපෙරදිග පුවත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.

මේ වන විට ධනවත් ඊශ‍්‍රායල පවුලක්, ඉරානයේ ආගමික සංවිධානයක් හා කුවේටයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් මෙම කඹය මිලදී ගැනීම සඳහා උනන්දුව පළ කර ඇති බව හෙළිවී ඇත.

වසර 23ක් පුරා ඉරාකය පාලනය කළ සදාම් හුසේන් 2003දී ඇමරිකානු ආක‍්‍රමණය විසින් බලයෙන් පහ කෙරිණි.  ඔහුගේ පාලන කාලය තුළ වෙනස් දේශපාලන හා ආගමික මත දැරූ පුද්ගලයින් මෙන්ම කුර්දි හා ෂියා ජාතිකයින් දහස් ගණනක් මරුමුවට පත්කරන ලද බව පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p