උතුරේ ජන සංහාරයක් සිදු වූ කතා පිළිගන්න බෑ

February 12, 2015

උතුරේ ජන සංහාරයක් සිදුවූ බවට කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමැති රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.

උතුරේ සිදුවූ යැයි සැලකෙන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට ජාත්‍යන්තරයට රජය ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තරයද ඊට එකඟවී ඇතැයි අමාත්‍ය වරයා පැවසූ බව බී.බී.සී පුවත් සේවය සඳහන් කරයි.

ජන සංහාරයක් සිදුවූ බවට ප්‍රකාශ කළ හැක්කේ සිතාමතා සිදු කළ ජිවීත විනාශයන් සම්බන්ධයෙන් පමණි. යුද්ධයේදී එල්.ටී.ටී. ඊ සංවිධානය මිනිස් පලිහක් වශයෙන් යොදාගත්තේය.

ඒ හේතුවෙන් වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ බව සමස්ත ලෝකයම පිළිගන්නා බව අමාත්‍යවරයා පවසා තිබේ.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් පැවැත්වීමට එකඟවිය හැකිය. එහෙත් යුධ සංහාරයක් සිදුවු බව පිළිගත නොහැකි යැයි රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ උතුරේ ජන සංහාරයක් සිදුවී ඇති හෙයින් ඒ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ බවට උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මතවීමෙන් අනතුරුවයි.

පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරම් මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාව දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් සියළුදෙනා ඒකමතිකව සම්මත කොට තිබේ. ඒ අනුව අදාළ යෝජනාව ඇතුළත් සංදේශයක් ජිනිවා මානව හිමිකම් කොමිසන් සභාවට යැවීමටද එහිදි තීරණය කොට ඇත.

dunamina

Sammy

Previous story Next story

Leave a comment

t

o

p