ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණයකට අපේ සහාය නෑ

February 12, 2015

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම සඳහා කිසිදු සහායක් ලබානොදෙන බව ඉන්දියාව අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය නොදීමට ඉන්දියාවේ නවදිල්ලි පරිපාලනය තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් මඟින් මෑතක දී පත්වූ නව රජයට බලපෑම් කිරීම සුදුසු නොවන බව පෙන්වාදී තිබෙන ඉන්දියාව ජන සංහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළයුතු බවට සම්මත කරගත් යෝජනාව හේතුවෙන් යුද අපරාධවලට අදාළව ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ අනුග්‍රහය යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව අතර ගැටීමක් ඇතිවේ ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවද පෙන්වා දී තිබේ.

පසුගිය 2014 වසරේදී ද අමෙරිකාවේ අනුග්‍රහය යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දියාව සහායදීමෙන් වැළකී සිටි අතර කෙසේ හෝ මෙම වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම ගැන ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇති බවද නව රජයට උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සිය යුතුකම් කොටස ඉටුකිරීමට කාලය දියයුතු බවට නවදිල්ලි පරිපාලනයේ අදහස වී තිබෙන බවද කියා සිටී.

ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවක් තුළින් ශ්‍රී ලංකාවේ නව රජය අපහසුතාවට පත්කිරීම අනුමත කළ නොහැකි බවද ඉන්දියාව පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p