තෙල් මිල අර්බුදය ඔපෙක් සාමාජිකයින් පිරිසකගේ නිර්මාණයක්

February 11, 2015

පෙට්‍රෝලියම් අපනයනකරුවන්ගේ සංගමය හෙවත් ඔපෙක් සංවිධානයේ මැදපෙරදිග රටවල් කණ්ඩායමක් විසින් ගෝලීය ඛනිජ තෙල් වෙළඳපොළ අස්ථාවර කරන ලද බව රුසියානු රොස්නෙෆ්ට් සමාගමේ ප‍්‍රධානි ඉගෝර් සෙචින් පවසා ඇතැයි වාර්තා වේ.

ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර පෙට්‍රෝලියම් සතිය සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු පවසා ඇත්තේ එම රටවල පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගන්නට යාම විසින් මෙම තත්වය උද්ගත වූ බවයි.

ලෝක තෙල් වෙළඳපොළේ 39%ක කොටසක් හිමි ඔපෙක් සංවිධානය ආධිපත්‍යය සොයන රටවල් කිහිපයකින් සැදුම්ලත් බව සෙචින් පවසා තිබේ.

ඔවුන් විසින් සංවිධානයේ අනෙක් සාමාජිකයින්ගේ අභිලාෂයන් ද්වීතීයක කොට සලකන බව රොස්නෙෆ්ට් ප‍්‍රධානියාගේ අදහසයි.

2014 ජුලි මස සිට මේ වන විට ඛනිජ තෙල් මිල 50%කින් පහත වැටී ඇති අතර එසේ වුවත් දිනකට තෙල් බැරල් මිලියන 30ක නිෂ්පාදන සීමාවේ පවත්වා ගැනීමට ඔපෙක් සංවිධානය විසින් ගත් තීරණය මගින් මිල අර්බුදය උත්සන්න වූ බව පැවසේ.

සවුදි අරාබිය විසින් තමන්ගේ ඛනිජ තෙල් වර්ගයේ මිල ස්වෙච්ඡවෙන් පහළ දැමීම සමග මිල යුද්ධයක් ඇරඹුනු බවට චෝදනා එල්ල වෙතත් සවුදි අරාබිය පවසන්නේ ගෝලීය වෙළඳපොළ තුල තම කොටස ආරක්‍ෂා කරගැනීම සඳහා එම පියවර ගත් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p