පොලිස් නිලධාරියෙකුට වෙඩි තියයි

February 6, 2015

වවුනියාව – උළුක්කුලම – පාවක්කුලම වැවට ආසන්න ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී රෝහල් ගතකර ඇැත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි. වවුනියාව – පාවක්කුලම ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ පොලිස් නිලධාරීන් පිරිසක් මුර සංචාරයක නිරතවී තිබෙනවා. එම අවස්ථාවේදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා එම අවස්ථාවේදීම වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ සෙට්ටිකුලම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p