මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යන්නේ මහින්දගේ අඩිපාරේ

February 6, 2015

මහින්ද ගෙනාපු මර්දන අණ පනත් මෛත‍්‍රී පාලනයේත් ඒ විදියටම ගෙන ඒන බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.පෙබරවාරි 02 වෙනිදායින් කල් ඉකුත් වූ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු, හමුදාවට පොලිස් බලතල පැවරීම සඳහා වන ගැසට් නිවේදනය පෙබරවාරි 03 දින වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද යළිත් බලාත්මක කරමින් නිකුත් කර තිබීම මගින් මේ බව පෑහෑදිලිවම පෙනී යන බව පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ශයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසුවේ (05) මරඳාන සමජ හා සාමයික කේන්ද්‍රයේ පෑවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාද එක්විය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෑවසීය……..

මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පෙබරවාරි 03 දින නිකුත් කරන ලද අංක 1900/4 දරන ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡුා කළ යුතුව තිබෙනවා. මේ ගැසට් නිවේදනය මගින් කරන්නේ හමුදාව සඳහා පොලීසිය සතු බලතල පැවරීම. මේ ගැසට් පත්‍රෙය් ලියලා තියෙන්නේ ‘‘40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වෙනි වගන්තියේ මාවෙත පැවරී ඇති බලතල ප‍්‍රකාර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වන මම, මෙහි පළවෙනි උපලේඛණයේ නිශ්චය කර දක්වන සන්නද්ධ හමුදාවල සියළුම සමාජිකයන්, මෙහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දක්වන ප‍්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මෙම නියමය මගින් කැදවමි.’’ කියලා. ඒ අනුව ප‍්‍රදේශ ගණනාවකට, හමුදාව කැඳවීමක් කරලා තියෙනවා. මේ ප‍්‍රදේශ ගණනාව කියලා, ලංකාවේ සියළුම පරිපාලන දිස්ත‍්‍රික්ක දෙවැනි උපලේඛණයේ සඳහන් කරලා තියෙනවා. මුළු රටටම අදාල හමුදා ස්ථාන ගතකිරීමක් කරලා තියෙනවා. මේකෙ සියළුම පරිපාලන දිස්ත‍්‍රික්කවලට අමතරව සමහර දිස්ත‍්‍රික්කවල ඒ දිස්ත‍්‍රික්කයට අදාලව ඒ දිස්ත‍්‍රික්කයට අයත් වෙරළ තීරයත් ගැසට් කරලා තියෙනවා. ඒ අනුව යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව අම්පාර, ත‍්‍රිකුණාමලය සහ පුත්තලම යන පරිපාලන දිස්ත‍්‍රික්කවලට යාබදව ඇති දේශීය ජල තීරයත්, හමුදාව කැඳවීම සඳහා වන ප්‍රෙද්ශයන් විදියට නම් කරලා තියෙනවා. කාට හරි අහන්න පුළුවන් හමුදාවට පොලිස් බලතල තිබුණොත්ද ප‍්‍රශ්නෙ පොලිසියට පොලිස් බලතල තියෙන එක ප‍්‍රශ්නයක් නෙමෙයිද කියලා. මේ ආයතනවල සුළු හරි ව්‍යුහාත්මක වෙනස්කම් තියෙනවා. හමුදාව ඉන්නේ යුද්ධ කරන්න. ඒ විතරක් නෙමෙයි හමුදාවටත් පොලිස් බලතල දුන්නා කියන්නේ පොලිස් බලතල පාවිච්චි කරන පුද්ගලයින් ප‍්‍රමාණයත් ලක්ෂයකින් හමාරකින් වැඩි වෙනවා. ඒකත ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්ත්වයට හානිකරයි.
ප‍්‍රශ්නෙ තියෙන්නේ විශේෂ අවස්ථාවකදී පාවිච්චි කරන්න තිබුණ නීතියක් විශේෂ ප‍්‍රශ්නයකින් තොරව මුළු රටටම පාවිච්චි කරමින් ඉන්නවා. ඉතාම කෙටි කාලයකට පාවිච්චි කරන්න තිබුණ නීතියක් ඒ නීතියේ තිබුණ හිඩැස පාවිච්චි කරමින් අවුරුද්දෙන් අවුරුද්ද අලූත් කරමින් පාවිච්චි කරමින් ඉන්නවා.
මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරද්දී මේ ප‍්‍රශ්නය ඉහළම ප‍්‍රමුඛතාවයක් සහිතව සාකච්ඡුා වුණා. ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පහුගිය කාලේ සම්මන්ත‍්‍රණ, රැස්වීම් පවත්වමින්, මාධ්‍ය සාචච්ඡුා පවත්වමින් මේ හමුදාවට පොලිස් බලතල ලබාදීමට එරෙහිව කටයුතු කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ඇතුළේ තිබුණ ප‍්‍රධානම එකක් තමයි මේ මර්දනීය නීති, මිලිටරිකරණය ඉවත් කරනවා කියන එක. ඒ වෙනුවට රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්ත්වයක් හදනවා කියලා තමයි පොරොන්දුව තිබුණේ.
අවසානයට මේ ගැසට් පත‍්‍රය නිකුත්කරලා තිබුණේ 2015 ජනවාරි 03 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අත්සනින්. ඒක කල් ඉකුත්වෙනවා 2015 පෙබරවාරි 03 වෙනිදා වෙද්දී. ජනවාරි 03 වෙද්දී තිබුණ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒකාධිපති, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාවක් ගෙනගිය ආණ්ඩුවක් විදියට බරපතල දෝශ දර්ශනයට ලක්වෙලා තිබුණා. මෙවර ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක ලොකුම සටන්පාඨයක් විදියට අරගෙන ඒකෙ කොටස් විදියට මේ හැම එකම එකතුවෙලා, ඒ අවසානෙ ඇතිවුණ දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපෘතියක් විදයට තමයි වර්තමාන ජනාධිපතිවරයා බලයට ආවේ. ඒ ජනාධිපතිවරයා බලයට පත්කිරීම සඳහා උදව්කරපු සියළු බලවේගත් මේ මර්දන නීති අහෝසි කළ යුතුයි කියන තැන හිටියා.
පෙබරවාරි 03 වෙනිදා වෙනකොට මේක කල් ඉකුත් වෙද්දී අපි බලාගෙන හිටියා, නව ජනාධිපතිවරයාත් කලින් ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් මේ මර්දනීය පනත අත්සන් කරයිද, ඒකට අදාල ගැසට් නිවේදනය නිකුත් කරයිද කියලා. ඒකට යම් විදියක බාධකයක් පැනවීම සඳහා දුමින්ද නාගමුව සහෝදරයා පෙබරවාරි 02 වෙනිදා අධිකරණයේ, මහින්ද රාජපක්ෂ මහතාට, යුධ හමුදාවේ අණදෙන නිලධාරී ලූතිනින් ජෙනරාල් දයා රත්නායක මහතාට, නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාට, ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී එයාර් මාර්ශල් කොලිත ගුණතිලක මහතාට, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාට, පොලිස්පති ඉලංගකෝන් මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව ඔවුන් වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා. ඒ පෙත්සමේ කිව්වේ හමුදාවට පොලිස් බලතල ලබාදීම මගින් පුරවැසියන්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රික අයිතිවාසිකම් අහෝසි වෙලා තියෙනවා කියලා. ඒ නඩුව අධිකරණය හමුවට ගෙනයන එකේ අපේ අපේක්ෂාව වුණෙත් මේ පිළිබඳව සාකච්ඡුාවක් හැදීහ සහ මේ මර්දන නීති තවදුරටත් ගෙනියන්න එපා කියන සංඥාව ආණ්ඩුවට දෙන්න. නමුත් පෙබරවාරි 02 වෙනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයත් අත්සන් කරලා මේ ගැසට් නිවේදනේ නිකුත්කරලා තියෙනවා. කලින් මහින්ද රාපක්ෂ මහත්මයා යටතේ වුණ දේ ජනාධිපතිවරයාගේ නම විතරක් වෙනස්වෙලා දැන් එහෙම්මම එන්න පටන් අරගෙන තියෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p