ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නව බලාපොරොත්තු ඇතිවෙලා

January 29, 2015

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ‍යෙන් නව බලා‍පොරොත්තුවක් ගොඩනැඟී ති‍බෙන බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල යහපත් අනාගතයක් ගොඩ නැගීම ‍වෙනු‍වෙන් ධනාත්මක වැඩ කොටසක් කළ හැකි බවද ඒ අනුව ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක් ඉටුකළ හැකි බවද ‍හෙ‍තෙම සඳහන් කරයි. අමෙරිකානු ජනාධිපතිරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ නිල සංචාරය සඳහා එක‍්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් කලාපීය දේශපාලන බලවතා වන ඉන්දියාවට බුරුමයේ සිට ශ්‍රී ලංකාව දක්වා නව ආර්ථික ප්‍රතිපත්ති මුල්කොටගත් කලාපීය බලය පුළුල්ව ස්ථාපිත කර ගැනීමට හැකිවනු ඇති බවද ඒ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා‍වේ පැවැති ජනාධිපතිවරණය ඉතාම සාමකාමී ‍ලෙස පැවැත්වීම සම්බන්ධ‍යෙන් සතුට පළකර ති‍බෙන අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ඉදිරි‍යේ දී ශ්‍රී ලංකා‍වේ සංවර්ධනයක් දැක ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළකර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p