67 වන නිදහස් උළෙල ‘පිරිපුන් මව්බිමක්, අභිමන් හෙට දිනක්‘ යන තේමාව යටතේ

January 28, 2015

‘පිරිපුන් මව්බිමක් අභිමන් භෙට දිනක්‘ යන තේමාව යටතේ මෙවර නිදහස් දින උළෙල සැමරීමට රජය තීරණය කර තිබේ. මෙයට සමඟාමීව වැඩසටහන් රැසක් සංවිධානය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශෆ් මයිකල් පෙර්රා මහතා ප්‍රකාශ කළේය.

පෙබරවාරි මස 4 වන දිනට යෙදී ඇති 67 වන ජාතික නිදහස් දිනයේ ප්‍රධාන උළෙල ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේදී ඉතාමත් චාම්ව, ගාම්භීරව එහෙත් අඩු වියදමින් යුක්තව පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

නිදහස් දින ජාතික උත්සවයේ දී යුද, ගුවන්, නාවික යන ත‍්‍රිවිධ හමුදාවත්, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, යොවුන් සේනාංක සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ඇතුළු 5,920කට අධික පිරිසකගේ සහභාගීත්වය ඇතිව මෙම ආචාර පෙලපාලිය පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් 600 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් පවත්වනු ලබන සංස්කෘතික සංදර්ශන පෙළපාලිය ද කොළඹ පාසල් 11ක සිසුන් සියදෙනෙකුගේ සහභාගීත්වයෙන් ජාතික ගීය ගායනය ද මෙම උත්සවයේ ප්‍රධාන අංග අතරට එක් වේ.

පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයට සමඟාමීව පාසල් මට්ටමින්, දිස්ත‍්‍රික් මට්ටමින් සහ ප‍්‍රාදේශිය මට්ටමින් ද සැමරුම් උත්සව සංවිධානය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙවර නිදහස් දිනය පැවැත්වීමට රජය අදහස් කර ඇත. ඒ අනුව නිදහස් දින උළෙලට සමඟාමීව පහත ස්ථානයන්හි විශේෂ ආගමික වතාවත් පැවැත්වේ.

පෙබරවාරි 02 , කොළඹ නිදහස් චතුරස්‍රය – සර්ව රාත්‍රික පිරිත් දේශනය
පෙබරවාරි 03, මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙන් විහාරස්ථානය – සංඝගත දක්ෂිණාව පිළිගැන්වීම

පෙබරවාරි 04, මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙන් විහාරස්ථානය – බෞද්ධ ආගමික වතාවත්
ශ්‍රී පොන්නම්බලවානේස්වරන් කෝවිල – හින්දු ආගමික වතාවත්
මරදාන ජුම්මා දේවස්ථානය – ඉස්ලාම් ආගමික වතාවත්
බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය – කතෝලික දේව මෙහෙය
වැල්ලවත්ත දකුණු ඉන්දීය සභාවට අයත් දේවස්ථානය – ක්‍රිස්තියානි දේව මෙහෙය

 

news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p