චෙන්ග්ඩු-කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා

January 27, 2015

චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ගමන් මාර්ග 78ක් ඇතුළුව ප්‍රධාන නගර 187ක් සම්බන්ධ කරමින් ගුවන් සේවා ක්‍රියාත්මකවන නිරිත දිග චීනයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන චෙන්ග්ඩු සිට මෙම ගුවන් ගමන් බලපවත්වනු ඇත.

A330 ගුවන් යානය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හි චෙන්ග්ඩු හා කොළඹ අතර ගුවන් ගමන් සිදු කරනු ඇත. චෙන්ග්ඩු සහ කොළඹ අතර එක් සෘජු ගුවන් ගමනක් සඳහා පැය 5කුත් මිනිත්තු 30කුත් ගතවන බව එයාර් චයිනා පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p