වකුගඩු රෝගීන්ට රු. 3000ක් දීම අද පොළොන්නරුවෙන් ආරම්භ කෙරේ

January 26, 2015

වකුගඩු රෝගීන්ට මාසිකව රුපියල් 3000ක ආධාර මුදලක් ලබා දෙන බවට රජය දුන් පොරොන්දු අනුව එම වැඩපිළිවෙල සක්‍රීයව ක්‍රියාවට නංවමින් එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ට එම ආධාර මුදල් ප්‍රදානය කිරීම සංකේතාත්මකව මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

 

සමාජ සේවා සහ සුභ සාධන අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p