නලින් ද සිල්වා ඉල්ලා අස්වේ..

January 24, 2015

මහාචාර්ය නලින්ද සිල්වා මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ සම්බන්ද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇත.

මෙහි දැක්වෙන්නේ ඒ මහතා විසින් සිය ඉල්ලා ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපියයි

109/1, දුම්රියපොළ
මහරගම.
2015 ජනවාරි 09.
ජනාධිපති ලේකම්තුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලුමුවදොර,
කොළඹ 01.

මහත්මයාණෙනි

විශ්වවිද්යාගල කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම
ඔබේ 2014 ජූනි 30 වැනි දින දරණ CSA/7/4/1 අංකය සහිත ලිපියෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහාම ක්රිමයාත්මක වන පරිදි මා විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කෙරී ඇති බව දන්වා තිබිණි.එම පත්වීම මා ඉතා ගෞරවයෙන් භාරගත් අතර මාස හයක් පමණ මගේ හැකියාවන් යොදා ගනිමින් නිදහස් අද්‍යාපනය රැකගැනීමට, දියුණු කිරීමට හා දේශීය දැනුමට නිසි තැන ලබාදීමට කටයුතු කරන ලද බව දන්වනු කැමැත්තෙමි.

එහෙත් අද (2015 ජනවාරි 09) සවස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ වැඩ භාරගනිමින් දිවුරුම් දුන් අවස්ථාවේ තත්ත්වයෙහි වෙනසක් සිදුවිණි. මට තවදුරටත් මගේ ගෞරවය රැකගනිමින් විශ්වවිද්යාරල කොමිෂන් සභාවෙහි සාමාජිකත්වයක් දැරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි යථොක්ත සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි අපහසුතාවක් වී නම් ඒ ගැන කණගාටුවෙමි.
ස්තුතියි.
මෙයට විශ්වාසී
නලින් ද සිල්වා
පිටපත් 1. ලේකම්, උසස් අධ්්යාකපන අමාත්යාංමශය
2. සභාපතිනිය, විශ්වවිද්යානල ප්රමතිපාදන කොමිෂන් සභාව

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p