ජනවාරි 29 අතුරු අය වෑය වෙනුවට බඩූ මිල අඩු කිරීමට විශේෂ ප්‍රකාශයක්

January 23, 2015

ජනවාරි 29 වන දා ගෙන ඒමට නියමිත අතුරු අය වැය වෙනුවට බඩූ මිල අඩු කිරීමට විශේෂ ප්‍රකාශයක් කිරීමට රජය සුදානම් වෙමින් සිටී යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂෙයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා සිටී. මෙම මාධ්ය හමුවට කම්කරු අරගල මධ්යගස්ථානයේ රන්ජිත් පියතිලකද මහතාද සහභාගී විය.

අද 23මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ ඔහු වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.

ලක්ෂ්මන් කිරිඇල්ල ජනරල පුවත පතට කියලා තියෙනවා අතුරු අයවැයක් එන්නේ නැහැ මුදල් අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කීරීමක් පමණයි 29 වන දා වෙන්නේ කියලා. විශෙෂ් මූල්ය රෙගුලාසි මගින් බඩු මිල අඩු කරන්න පුලවන් කියලා ඔවුන් කියනවා. ඒ විතරක් නෙවෙයි පසුගිය 20 වැනිදා පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදීත් අතුරු අයවැයක් වෙනුවට මුදල් ඇමතිවරයා ප්‍රකාශයක් කරන බව සාකච්චා කර තිබෙනවා. එය ජනතාවට දුන් පොරොන්දු අමුඅමුවේ කඩ කිරීමක්. මේකට විපක්ෂය එකඟ වුනාද යන්න ඔවුන් පැහැදිලි කල යුතුයි. දැන් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර තිබෙන්නේ සම්මුතියක්.

පාර්ලිමේන්තුවට පිටතින් ජනතා විපක්ෂ බලවේගයක් පෙළ ගැස්විය යුතුයි. 2014 නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්ෂේ ඉදිරිපත් කල ජනතා විරොධී අය වැය වෙනුවට ජනතාවාදී අය වැයක් ඉදිරිපත් කරනවා කියලා මේ ජනාධිපතිවරයා මැතිවරණ සමයේදී කිව්වා. නමුත් දැන් ඒක වෙන්නේ නැති බවක් තමයි පේන්නේ අමාත්‍ය මන්ඩල විශාල කිරීම්, දේශපාලන පත් කිරීම් නිසා ජනතාව අතර අපේක්ෂා භංගත්වයක් ඇති වෙමින් පවතිනවා. මේ කියන්න හදන්නේ අපි ඕක කිවුවා කියලා නෙවෙයි. මේ අයට වෙනස් ප්‍රතිපත්තිමය විකල්පයක් නෑ. අපි ඒ බව මැතිවරණයට පෙරත් කිව්වා. දැන් ජනතාවටත් ඒ බව  ඒත්තු යමින් තිබෙනවා. අපි මේ කියන්නේ අපි කියපු දේ හරිගියා කියන්න නෙවෙයි. අපට අනාවැකි හරිගියා කියලා කියන්න අවශ්යතාවක් නෑ. අනාවැකි කියන රස්සාවක් හොයා ගන්න අපට බලාපොරොත්තුවක් නෑ. අපි මේක කියන්නේ දැන් සමාජ අපේක්ෂා කඩවෙලා. ඒකට මොකද කරන්නේ? ඒ සඳහා විසඳුමක් සෙවිය යුතුයි. මේ සාකච්චාව ගෙනෙන්නේ ඒ සඳහා.
අතුරු අය වැයකින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික උපාය මාර්ගයේ වෙනස මොකක් ද කියලා දැන ගන්නයි. බදු මිල අඩු කරන ප්‍රකාශයක් කරනවාලු. ඇයි අතුරු අයවැයක් නොගෙනෙන්නේ? අතුරු අයවැයක් ගෙනාවොත් ආණ්ඩුවට ඔවුන්ගේ ආර්ථික උපායමාර්ගය හෙළි කරන්න වෙනවා. වෙනස් ප්‍රතිපත්තියක් තිබෙනවානම් එය කිව යුතුයි. වෙනස් ප්‍රතිපත්තියක් නැති නිසා තමයි ප්‍රකාශයක් කරලා මග හරින්න හදන්නේ. අයවැය ගේනවානම් කරන්නේ භාණ්ඩයක දෙකක මිල අඩු කිරීමද නැතිනම් පොහොසතුන් නිදහස් කරලා දුප්පතුන් මත බර පටවන බදු ප්‍රතිපත්තිය වෙනස් කරනවාද කියලා කිව යුතුයි.

රජයේ ආදායමෙන් 88‍/ක්ම බදු ආදායම් බදු නොවන ආදායම් ඉතා අඩුයි. බදු ආදායමෙන් ඉහල ආදායම්ලාභීන්ගෙන් ය කරන බදු ප්රමතිශතය 20‍්‍රක් පමණයි. බදු මුදලින් 80‍්‍රක්ම ය කරන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා ජනතාවගෙන්. ඒ බදු මුදල් වියදම් කරන විට ප්රාමුඛත්වය දෙන්නේ මර්ධනයට සහ සංචාරක ව්යාපාරය ඉලක්ක කරගත් යටි තල පහසුකම් වලට. ජනතාවගේ සැබෑ අවශ්යුතා නොසලකා හරිනවා. ඒවාට වෙන්කරන මුදල් දිනෙන් දින කප්පාදු කරනවා. අපි අහන්නේ මේක වෙනස් කරනවාදල මේ ප්රනතිපත්තියම පවත්වාගෙන යනවාද? එකට උත්තර නොදී පොඩි පොඩි පැලැස්තර දාලා වැඩක් නෑ. ඒ සහන දිගුකාලීන නෑ.
මේ බදු ඉවත් කිරීමෙන් අහිමි වන මුදල පියවා ගන්නේ කොහොමද කියලා කිව යුතුයි. ඒකට නය ගන්නවාදල නැත්නම් වෙනත් බඩු වල බදු වැඩිකරනවාදල එහෙමත් නැත්නම් මහජන සේවා වලට වෙන්කරන මුදලින් අඩු කරනවාදල ආණ්ඩුවට වෙනත් විකල්ප තිබෙනවාද? මේවට උත්තර දෙන්න කියලා අපි බල කරනවා. බදු ප්රතතිපත්තියම වෙනස් නොකර එකක දෙකක බදු අඩු කරනවා කියන්නේ දකුණු අතින් දෙන දේ වම අතින් උදුරා ගන්නවා කියන එක. ජනතාවට වංචා නොකර මේවාට පිළිතුරු දිය යුතුයි.

11

Sammy

Previous story Next story

Leave a comment

t

o

p