24 ජල කප්පාදුවක්

January 23, 2015

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ලබන 24 වන දින උදෑසන 08 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මහ කොළඹ ජල පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ මාළිගාකන්ද ජල පරිශ‍්‍රය තුළ නව ජල නල එළීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවේ. මේ හේතුවෙන් කොළඹ 02, කොළඹ 08, කොළඹ 09, සහ කොළඹ 10 යන ප‍්‍ර දේශ වලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර කලටුවාව සිට කොළඹ දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ද ලබන 24 වන දින උදෑසන 08 සිට පැය 24 ක කාලයක් ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ හේතුවෙන් හංවැල්ල, කළුඅග්ගල, මීපේ, පාදුක්ක, ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම සහ කැස්බෑව යන ප‍්‍රදේශ වල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p