මේක තුච්ච, නින්දිත පාලනයක්.. දින 100න් හැදෙන්නේ ‘අලූත් රටක්’ නොවෙයි ‘ෆෙඩරල් රටක්’..

January 23, 2015

දින 100ක්  ඇතුළත අලූත් රටක් හදන බවට ජනතාවගේ ඇස් නිලංකාර වන බොරු බේගල් ඇද දැමූ වත්මන් පාලනය දින 100කටත් කලින් ‘ෆෙඩරල් රටක්’ හැදීමට කඩිනමින් කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අනතුරු හගවයි.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ අනතුරු හැගවීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය

‘යහපාලනයේ ස්වභාවය රටටම හෙළි කරන අවස්ථාවන් කිහිපයක් දැක ගත හැකි වුණා. ‘මෛත‍්‍රී ආණ්ඩුවේ කැබිනට්ටුව 25යි’ කියලා තමයි පසුගිය 10 වැනිදා රාජිත සේනාරත්න මහත්තයා පවසා තිබුණේ. එය පසුගිය 11 වැනිදා දිවමිණ පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස පළ කොට තිබුණා. නමුත් මේ වන විට, වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු පමණක් 29 ක් සිටිනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු කැබිනට් අමාත්‍යවරයකු සතු සියලූ වරප‍්‍රසාද හිමි රාජ්‍ය අමාත්‍යවරු 11 දෙනකු පත් කොට තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරුන් 13 ක් සිටිනවා. ඒ අනුව අමාත්‍ය වරප‍්‍රසාද හිමි 53 දෙනකු සිටිනවා.

මේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ආදී අමාත්‍යවරු 53 අතර සිටිනවා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 40 දෙනකු. පාර්ලිමේන්තුව තුළ සිටින මුළු එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු ගණන 49යි. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 81%කට කවර හෝ අමාත්‍ය ධුරයක් ලබාදී තිබෙනවා. අමාත්‍ය වරප‍්‍රසාද ලබාදී තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලනය පිළිබඳව පවසමින් අද ගොඩන`ගලා තියෙන්නේ තනිකරම යූ.එන්.පී. ආණ්ඩුවක් නොවෙයිද? එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු 49න් 40කටම අමාත්‍ය වරප‍්‍රසාද ලැබී තිබෙනවා නම් ඊළග මහ මැතිවරණයේදී වාසි සැලසෙන්නේ ඔවුන්ට මිස වෙන කාටද? ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපතිවරයා මේ සිදු කර ඇත්තේ ඊළග මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ‘ගෙඩිය පිටින්ම’ බලය ගැනීමට පාර කැපීමක් නොවෙයිද? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අත් වී තිබෙන යහපත කුමක්ද? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ‘සන්තෝෂමක්’ විදිහට විපක්‍ෂ නායක ධුරය ලැබී තිබෙනවා.

‘නාස්තිය අවම කරලා, අරපිරිමැස්මෙන් රට කරනවා’ කියපු මේ මහත්වරු අද මේ විදිහට අමාත්‍ය වරප‍්‍රසාද භුක්ති විඳිනවා. ඒ අනුව යහපාලනය පටන් අරගෙන දින 10ක් ගෙවෙන්නත් මත්තෙන්, කාටත් වැටහිලා ඇති මේ අය බලයට ඒම සඳහා පවසා ඇත්තේ ‘පට්ටපල් කෙබර’ බව. දැන් පැහැදිලියි මේ අය, ජනතාවට බොරු සුරංගනා ලෝක පිළිබඳ සිහින පෙන්වලා, ඔවුන් රවටලා ඡුන්ද කොල්ල කාපු බව.

පවුල් පාලනයක් ගැන කියපු අය අද මොකද කරන්නේ? ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා කාගේ සහෝදරයා ද? එතකොට ඒක පවුල් පාලනයකට අදාළ නැද්ද? මේ අය මවපු සිහින දින 100ක් ගත වීමටත් මත්තෙන් බිඳ වැටී තිබෙනවා.

ඉල්ලා අස්වන ලෙසට කරන බලපෑම්

මේ දිනවල අගවිනිසුරු මොහාන් පීරිස් මැතිතුමන් ඉල්ලා අස්වන බවට ප‍්‍රවෘත්ති පළ වෙනවා. ඒ වගේම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසනවා, අල්ලස් හෝ ¥ෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කරන බව. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමියට ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑම් සිදු කරමින් සිටිනවා. මේ විදිහට ඉල්ලා අස්වන ලෙස විවිධ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට බලපෑම් කරනවා. ඉල්ලා අස් නොවුණොත් මරණ තර්ජන එනවා. පිකටිං කරනවා. බිය ගැන්වීම් සිදු කරනවා. මේක පුදුම ක‍්‍රමයක්නේ.

ඕනෑම ආයතනක ප‍්‍රධානියකු හෝ නිලධාරියකු ඉවත් කරන පිළිගත්, නිශ්චිත ක‍්‍රමවේදයක් තිබෙනවා. ඉන් බැහැර වී තර්ජනය කිරීම්, බිය වැද්දීම් මගින් ඔවුන් තනතුරු අතහැර යන තත්ත්වයට පත් කිරීම හරිද? අගවිනිසුරුවරයකු ඉවත් කිරීමට අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක‍්‍රමවේදයක් තිබෙනවා. මේ රටේ නීතිගරුක පුරවැසියන් බලාපොරොත්තු වන යහපාලනය මේකද?. මේක හරියට කොටි සංවිධානය ජනතාව බිය ගන්වලා, ඔවුන් එක තැනකට කොටු කරලා තබා ගත්තා වගේ වැඩක්. ‘මෛත‍්‍රී පාලනයක්’ හදන්න ඇවිල්ලා අද මේ අය ගෙන යන්නේ තුච්ඡු, නින්දිත පාලනයක්. එදා 1977 ‘ධර්මිෂ්ඨ පාලනයක්’ හදන්න කියලා ඇවිල්ලා මේ අය මේ රට ලේ ගංගාවකින් නැහැවූවා. යළිත් එවැන්නකටද මේ සූදානම් වන්නේ, කියන සැකය අපට තිබෙනවා.

තෙල් මිල යම් පමණකට අද වන විට අඩුකර තිබෙනවා. නමුත් මේ අය බලයට ඒමට මත්තෙන් පැවසුවේ ඉන්ධන සඳහා කිසිඳු බද්දක් අය කරන්නේ නැහැ කියලයි. මෑත ඉතිහාසයේ ලෝක වෙළඳපොළේ අඩුම තෙල් මිල වාර්තා වන්නේ මේ දිනවලයි. සියලූ බදු ඉවත් කළා නම් මීට වඩා අඩු අගයකට ඉන්ධන ලබා දී ජනතාවට සහන සැලසිය හැකියි. රුසියාවට දමපු සම්බාධක සමග ඒ රට මූල්‍ය අර්බුදයකට රැුෙ`ගන යාමටයි මෙසේ ලෝක වෙළඳපොළ තුළ කෘත‍්‍රීම ලෙස තෙල් මිල පහත හෙළා ඇත්තේ. මේ තත්ත්වය කොපමණ කලක් තිබේවිද කියා කීමට බැහැ. අපි අහනවා, තෙල් විෂය භාර අමාත්‍යතුමාගෙන් ‘ඔබතුමා මේ වන විට ඉන්ධන සඳහා අය කරන සියලූ බදු ඉවත්කර ඒ සහනය ජනතාවට ලබාදී තිබෙනවාද? නැද්ද?’ කියා.

ෆෙඩරල් පාලනයක්..

ඉන්ධන මිල ඒ විදිහට අඩු කරලා ජනතාවගේ ‘බඩ අතගාමින්’ මේ අය එන්න හදන්නේ කුමකටද? විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේදී සීමිත මාධ්‍යවේදී කණ්ඩායමක් සමග සිදු කළ මාධ්‍ය සාකච්ඡවක්  The Island පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස පළ කොට තිබුණා. මෙහි තිබෙනවා ප‍්‍රධාන කරුණු තුනක්. එකක් තමයි, ‘උතුරු පළාත නිර්මිලිටරිකරණය (Demilitarisation) කිරීම. ඉන් පැවසෙන්නේ උතුරේ පවතින හමුදා කඳවුරු ඉවත් කරන බවයි. ඒක තමයි දෙමළ ජාතික සන්ධානයට, බෙදුම්වාදී බලවේගවලට වගේම නැවත හිස ඔසවන්න හදන කොටි ත‍්‍රස්තවාදයට උවමනා වුණේ. මේ පිරිසට උවමනා වුණේ උතුරේ ස්ථානගත කර තිබෙන හමුදා කඳවුරු ඉවත්කර ගැනීම. දැන් මේ මංගල සමරවීර අමාත්‍යවරයා කියන්නේ ඒ උවමනාව ඉටු කර දීමට ‘මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය සූදානම් බවයි.

එම මාධ්‍ය සාකච්ඡවේදී මංගල සමරවීර මහතා, ‘2009 හතරවැනි ඊළාම් යුද සමයේදී සිදු වූ යුද අපරාධ පිළිඳව සොයා බැලීමට පූර්ණ බලැති දේශීය යුද අපරාධ පරීක්‍ෂණයක්’ සිදු කිරීමට තම රජය සූදානම් බවත් අවධාරණය කොට තිබෙනවා. මේක ඇමෙරිකා එක්සත් ජනපද රජය දිගින් දිගටම කළ ඉල්ලීමක්. නමුත් පසුගිය රජය එය ප‍්‍රතික්‍ෂේප කළා. ඒ වෙනුවට පසුගිය රජය පැවසුවේ ‘යුද්ධයෙන් යම් තැනැත්තකුට යම් පීඩාවක් සිදුව ඇත්නම් පවතින නීතිය අනුව ඔවුනට ඊට අදාළ සහන ලබා දීමට කටයුතු කරනවා’ කියලයි. මේ විදිහට පූර්ණ බලැති දේශීය යුද අපරාධ පරීක්‍ෂණයක් සිදු කරනවා නම් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ දේශීය පරීක්‍ෂණයෙන් වරදකරුවන් කරන පිරිස ‘ජාත්‍යන්තර යුද අපරාධ දංගෙඩියට’ යැවිය හැකියි. මේ මගින් ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයට පණිවිඩයක් යවනවා ‘ඔයගොල්ලො මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන්ගේ බෙල්ලට කඩුවෙන් කොටන්න  ඕනෙ නැහැ. අපි අපේ ලෝකල් කඩුවකින් ඒගොල්ලන්ගේ බෙල්ලට කොටන්නම්’ කියලා. ඒකට බටහිර රටවල් වඩා සතුටුයි.

මේ සියල්ලට වඩා භයානක දෙයක් තමයි මංගල සමරවීර මහතා එම සාකච්ඡව අවසන් කරමින් පවසා ඇත්තේ. ඔහු පවසා තිබෙනවා, ‘රෝදය නැවත තනන්න  ඕනෙ නැහැ. මංගල මුණසිංහ මහත්තයාගේ වාර්තාවේ තිබෙනවා බලය බෙදීම පිළිබඳව. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ‘පැකේජය’ තුළ තිබෙනවා බලය බෙදීම පිළිබඳව. ඒවායේ සුළු වෙනස්කමක් කරලා කඩිනමින් පුළුල් බලය බෙදීමකට යා හැකියි. ෆෙඩරල් පාලනයකට යා හැකියි’ කියලා. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආවත් මේ රටේ ඒකීයභාවය රැකී තිබෙන්නේ, විධායක ජනාධිපති බලතල 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මේ රටේ හැදෙන්නේ ෆෙඩරල් පාලනයක්. දැන් විධායක ජනාධිපති බලතල දුර්වල කරන්නයි යන්නේ. ඒ අනුව පූර්ණ බලය සහිත ෆෙඩරල් පාලනයක් හදන්නයි යන්නේ.

මෙහෙම දෙයක් කරනවා කියලා මේ අය කිව්වාද? දින 100 තුළ මෙහෙම දේවල් තිබුණාද? ‘දින 100න්’ කියපු දේවල් හරි විදිහට අද කරන්නේ නැහැ. 25 කැබිනට් එක 29 වෙලා තිබෙනවා. ඉන්ධනවලින් සියලූ බදු ඉවත්කර නැහැ. නමුත්, දෙමළ ඩයස්පෝරාවට, බටහිර රටවලට දුන් පොරොන්දු නම් දැන් ඉටු වන බව පෙනෙනවා. දින 100න් අලූත් රටක් හදන බවට ජනතාවගේ ඇස් නිලංකාර වන බොරු ටිකක් කියලා මේ අය දින 100ටත් කලින් හදන්න සූදානම් වන්නේ ෆෙඩරල් රටක්’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p