සියලු මන්ත්‍රීවරුන්ට චර්යාධර්ම පද්ධතියක්‌

January 22, 2015

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්‌වා සෑම මහජන නියෝජිතයකු සඳහාම චර්යා ධර්ම පද්ධතියක්‌ පෙබරවාරි 02 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට මහජන නියෝජිතයන් සඳහා මෙවැනි චර්යාධර්ම පද්ධතියක්‌ හඳුන්වාදෙන පළමු අවස්‌ථාව මෙය බව ද ජාතික විධායක සභාවේ තීරණයක්‌ මත මෙය ගෙන එන බව ද ඇමැතිවරයා පැවසී ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p