13 ක්‍රියාවට නැංවීමට එකඟයි

January 19, 2015

13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට‍ සියලු පාර්ශව එකඟතාවය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නමුත් එහි ඇති පොලිස් බලතල සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි.

ඉන්දීය එන්.ඩී.ටීවී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.

ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමේ ක්‍රියා පිළිවෙතක් පසුගිය රජය අනුගමනය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නව රජය ඉන්දියාව සහ චීනය යන අසල්වැසි රටවල් දෙක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහතික වන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p