2014 අ.පො.ස (සා/පෙළ) ඇගයීම් මධ්‍යස්ථාන (I අදියර)

January 16, 2015

2014 අ.පො.ස (සා/පෙළ) විභාගයේ මුල් අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදවා ගැනීමට නියමිතව තිබී අයහපත් කාලගුණ තත්ත්වය මත කල් තබන ලද පාසල්වල ඇගයීම් මධ්‍යස්ථාන අද (16) සිට ලබන 23 දින දක්වා නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පවසයි.
ඒ අනුව පුත්තලම සහිරා විද්‍යාලය, නුවරඑළිට උසස් බාලිකා විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය, පොලොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල විශාඛා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලය, බදුල්ල ධර්මදූත බාලිකා විද්‍යාලය, වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය, කල්මුණේ වෙස්ලි මහා විද්‍යාලය, කල්මුණේ මහමුද් බාලිකා විද්‍යාලය, මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලය, මඩකලපුව වින්සන්ට් බාලිකා විද්‍යාලය හා අක්කරෙයිපත්තුව අසිස්රාජ් මහා විද්‍යාලය මෙසේ ඇගයීම් කටයුතු සඳහා වසා තැබෙන පාසල් වේ.
එසේ වසා තැබෙන පාසල්වල ඇගයීම් කටයුතු නිමාවීමෙන් පසු අධ්‍යාපන කටයුතු සඳහා ලබන 26 දින විවෘත කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p