ඇමරිකාව සහ කියුබාව අතර වෙළඳ සහ සංචාරක නීති ලිහිල් වේ

January 16, 2015

ඇමරිකාව සහ කියුබාව අතර සම්බාධක අවසන් කිරීමේ පළමු පියවර තබමින් දෙරට අතර වෙළඳ හා සංචාරක නීති ලිහිල් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා ඇමරිකානු රජය විසින් නිවේදනය කළ නව ප‍්‍රතිපත්ති වලට අනුව විශේෂ බලපත් ඉල්ලූම් කිරීමකින් තොරව කියුබාව බලා යාමට ආකාර 12ක සංචාරකයින්ට අවකාශ ලබාදී ඇතැයි පැවසේ.

ඇමරිකානු භාණ්ඩාගාර හා වාණිජ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා ඇත්තේ සංචාරකයින් යළි පැමිණීමේදී ඩොලර් 400ක් දක්වා වටිනා භාණ්ඩ යළි ඇමරිකාවට ගෙන ඒමට අවසර ලැබෙනු ඇති බවයි.

මේ අතර ඩොලර් 100ක් වටිනා මධ්‍යසාර සහ කියුබානු සුරුට්ටු වැනි දුම්කොළ නිෂ්පාදනද වනු ඇතැයි වාර්තා වේ.  මේ අතර ඇමරිකානු මූල්‍ය ආයතන වලට කියුබාව තුළ ඇති මූල්‍ය ආයතන ගිණුම් ආරම්භ කිරීමටද ඇමරිකාවේ අවසරය හිමිව තිබේ.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ආකාර 12ක සංචාරකයින්ට කියුබාව බලා යාමට අවසර දීම සමග ඇමරිකානු රජයේ කටයුතු සඳහා මෙන්ම පවුලේ සංචාර, ජනමාධ්‍ය ක‍්‍රියාකාරකම්, ක‍්‍රීඩා සහ කලා කටයුතු, වෛද්‍ය සායන ආදී බොහෝ ඉඩ ප‍්‍රස්තා විවර වනු ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p