ජනතාව තෑබු අපේක්ෂාවන් නව පාලනය මගින් ඉටු නොකිරීමට වෑඩි ඉඩක් තියනවා

January 10, 2015

මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කර වූ නාගරික පීඩිතයින් මැද පාංතික ජනතාව උතුරේ දෙමළ ජනතාවල මුස්ලිම් ජනතාවල වතු කම්කරු ජනතාව හා ධීවර ජනතාව තබා ඇති අපේක්ෂාවන් නව පාලනය මගින් ඉටු නොකිරීමට වැඩි ඉඩක් ඇතැයි පවසන වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා සුපුරුදු පරිදි පුද්ගලික වැඩක් බලාගෙන ඉන්නේ නැතිව ජනතාව අයිතීන් දිනා ගැනීම සඳහා මැදිහත් විය යුතුයැයි පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ජනවාරි 10 දින උදෑසන කොළඹ 10 සමාජ හා සාමයීක කේන්ද්‍රයේ දී පැවති මාධ්ය හමුවක දීය. වමේ පෙරමුණ පැවැත් වූ මෙම මාධ්ය හමුවට නව සමසමාජ පක්ෂයේ නි.ලේකම් ලීනස් ජයතිලක ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සරත් කහගල්ල හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ යන අය සහභාගී විය. එහිදී අදහස් දැක් වූ දුමින්ද නාගමුව මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති ධූරයට පත් වූණාට පස්සේ මේ අලුත් උපතේ වින්නඹු වැඩේ කලේ අපි කියන්න ගොඩක් අය උත්සහා කරනවා. මේ වින්නඹුවන්ගේ හැටි පොඩ්ඩක් බලමු. මේ අය රාජපක්ෂ පාලනයට එන විවේචනය ගැඹුරින් ඉදිරිපත් කරනවා වෙනුවට මතු පිටින් අත ගෑවා. එක එක සරල දේවල් කීවා. මහින්ද ක්‍රියාත්මක කල දේශපාලන වැඩපිළිවෙල ගැන තියුණු දේශපාලන විවේචනයක් ඉදිරිපත් කලේ නෑ. ප්‍රතිපත්ති ගැන කථා කළෙත් නෑ. ඒ නිසා අලුත් වේශයකින් මහින්දගේ ප්‍රතිපත්ති නැවත උපත ලබන්න ඉඩ තියෙනවා. මෙවර ජනාධිපතිවරණයේ දී අපි කළේ ප්‍රතිපත්ති ගැන ශක්තිමත් විවේචනයක් ඉදිරිපත් කිරීම සහා සමාජ විකල්පය ගැන ඉදිරි දැක්මක් සමාජගත කිරීමයි. ජනාධිපතිවරණයේ දී අපි ඒ සඳහා ආරම්භයක් ගත්තා. සමහර අය ඡන්ද ප්‍රමාණය පැත්තේන් හිතලා අපි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ ඇයි කියලා ඇහුවා. ඡන්ද ගොඩ ගැන හිතනවා නම් ජනාධිපතිවරණයක් අවාසියි තමයි. විශේෂයෙන් අපෙක්ෂයන් දෙදෙනෙකු අතර කරට කර සටනක් ඇවිත් ඡන්ද දෙකඩ වෙන වෙලාවල්වල ඒක අවාසියි. නමුත් අපි හිතුවේ ජනතාව එක්ක දේශපාලනය කථා කරන්න. සමාජයට දේශපාලන අදහසක් කියන්න හොඳම වෙලාව තමයි ජනාධිපතිවරණය කියලා. ඒ නිසා අපිට වැදගත් වු‍ණේ ලැබෙන ඡන්ද සංඛ්යා ව නෙවෙයි. අපි හිතුවේ සමාජවාදය ගැන මතයක් සමාජගත කරන්න. මේ ජනාධිපතිවරණය තුළ අපි ඒ ජයග්‍රහණය කලා. අපිට ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් කුඩා වූවත් ගුණයෙන් ඉහළ බව අපි විශ්වාස කරනවා. ඒ නිසා අපේ මතය විසින් කරන ලද බලපෑම ලැබුණු ඡන්ද ප්‍රමාණය ට වඩා වැඩියි කියලා අපි හිතනවා.
අපි හිතන්නේ ඡන්ද ගන්න හැටි නෙවෙයි ප්‍රතිපත්ති ගැන. මේ ජනාධිපතවරණයේ දී ග්‍රමීය සිංහල ජනතාව වැඩිපුර මහින්දට ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. මෛත්රිකපාල දිනුවේ දෙමළල මුස්ලිම් ජනතාවගේ නාගරික පීඩීතයින්ගේ වතු කම්කරුවන්ගේ හා ධීවරයින්ගේ ඡන්දවලින් ඒ ජනතාව ඡන්දය දුන්නේ තමන්ට එල්ල වූ විශාල පීඩනයකට විරුද්ධවල නාගරික මැද පන්තිය ප්‍රජාතන්ත්ර වාදය යහපාලනය වැනි අපේක්ෂාවන් මත මෛත්රීූට ඡන්දය දුන්නා දැන් මෛත්රීප හැරෙන්නේ ඒ පැත්තටද? නැත්නම් තමන් දින වූ ජනතාවගේ පැත්තට ද? නැතිනම් ඔහු හැරෙන්නේ තමන්ට අහිමි වූ ඡන්ද දිනා ගැනීමේ තත්ත්වයකට දර? ඔහුට ජනතා අපේක්ෂාවන් ඉටු කරන්න බෑ කියලා ඔහු ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය හා දින 100 වැඩපිළිවෙලින් පේනවා. ඒවායේ මේ ජනතාවගේ අපේක්ෂාවන් නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රතිපත්තවලින් වෙන්නේ පීඩනය තවත් වැඩි වන එකයි. ප්‍රජාතන්ත්රවාදය පිළිබඳ අපේක්ෂාවන් ඉන් ඉටුවෙයි කියලා විශ්වාස කරන්න බැහැ. දැන් මේ පාලනය ඇතුළේම රනිල්ල මෛත්රීාල වන්ද්රිවකා අතර බලපොරයක් තියෙනවා. ඒ බල පොරයට විධායක බලය භාවිතා වෙනවා. විධායක ජනාධපති ක්‍රමයට මොකද වෙනනේ කියලා තීරණය වෙන්නේ ඒ පොරයට අනුව. එහෙම නැතුව ජනතාවගේ අපෙක්ෂාවන්ට අනුව නොවේ. මේ අලුත් පාලනයේ සංයුතිය එළ හරකයි මී හරකයි වගේ. ඒ නිසා ඉදිරියේ දී දකින්න පුළුවන් වෙන්නේ සීතල යුද්ධල දිය යටින් ගින්දර ගෙන යාම් ආදියයි.
මෛත්‍රීපාල  මහත්තයා දින 100 වැඩපිළිවෙලක් හදලා තියෙනවා. දැනට ඒකේ 10 වෙනිදා කරනවා කිවූ දිවුරුම්දීම 9 වෙනිදා කළෘ. දින 2කට පසුව කරනවා කියූ අගමැති පත් කිරීම පළමු දවසේස කළා. බලය තහවුරු කරගන්න එකට නම් පුදුම කලබලයක් තියෙන්නේ. අනෙක් ඒවත් ඒ වගේම වේගයෙන් කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මෛත්රිනපාලට මේ ජයග්ග්‍රහණය ගෙනත් දුන්න ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න මොනවාද කියලා බලමු. ගෙදරට වෙලා බලාගෙන සිටියොත් මේ කිසිවක් වෙන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා තමන්ගේ අයිතීන් වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න කියලාල දේශපාලනිකව සක්රිය වී තම යුතුකම ඉටු කරන්න කියලා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p